දේශීය

සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ස්ථාන තුනක් නිරෝධායනයට දෙයි

තම මධ්‍යස්ථානය යටතේ ඇති ස්ථාන 3ක් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ලබා දීමට කැමති බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට දැනුම් දී තිබේ.

එම මධ්‍යස්ථානය යටතේ ඇති වීරකැටිය කුඩාබිබුල සොබා දහම් පාසල , මාතර මාලිම්බඩ සියටැල් පාසල සහ වාරියපොළ නෑටිය සොබා දහම් ආශ්‍රමය යන ස්ථාන රටේ අවශ්‍යතාවය සලකා සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට ලබා දීමට කැමති බව එම මධ්‍යස්ථානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ලිපියක් යොමු කරමින් එම මධ්‍යස්ථානය මේ බව කීය. නිරෝධායනය සඳහා යම් අවශ්‍යතාවයක් වෙතොත් මෙම ස්ථාන ලබා ගන්නා ලෙස ද එහි සඳහන් වෙයි.

එමෙන්ම කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට බෞද්ධ විහාරස්ථාන සහ පරිසර මධ්‍යස්ථාන ස්වේච්ඡාවෙන්ම ලබා දීමට කටයුතු කරන ලෙස ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද පරිසරවේදීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button