දේශපාලන

ඩිල්ෂාන්ට, කමලනාත්ට, මුතුහෙට්ටිගමට නාමයෝජනා නෑ

පසුගියදා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ පරිදි මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටිමින් ප්‍රකාශයන් පවා සිදු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන්, සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත්ට නාම යෝජනා ලැබි නැත.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරගවදින බව මාධ්‍ය හමවුක් පවත්වා ප්‍රකාශ කර තිබුණි. සිනමා නළු අර්ජුන් කමලනාත් ජාතින නිදහස් පෙරමුනෙන් පොහොට්ටු පක්ෂය හරහා ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරග වදින බව සදහන් කළේය. මොවුන් දෙදෙනා ඉදිරි මහමැතිවරණය ඉලක්කකොට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය තුල මැතිවරණ ප්‍රචාරක කටයුතු ද ආරම්භකොට තිබුණි. බද්දේගම ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂයේ ආසන සංවිධායක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම ටද නාම යෝජනා හිමිවි නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ඊයේ(17) ගාල්ල දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාරදෙනු ලැබුවද එම ලැයිස්තුවේ මෙවුන් තිදෙනාගේ නම් සදහන් ව නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button