දේශීය

පුභූ පුතා ආ පසු ගුවන්තොටුපොල වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මගී ගුවන් යානා මෙරටට පැමිණීම නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ වන විට දඹදිව සංචාරය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 200 කට ආසන්න පිරිසක් යලි දිවයිනට රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ තීරණය ගත යුතුව තිබුනේ ඉතාමත් කලින් වුවත් මහින්ද අමරවීරගේ පුත්‍රයා ලන්ඩන් සිට පැමිනෙන තුරු එය ප්‍රමාද කර තිබෙනවා. ඔහු පැමිනි විගස දියතලාව හමුදා කඳවුරේ නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button