දේශීය

“සිසුවාගේ අනතුරට නවක වධයේ සම්බන්ධයක් නෑ”

“මෙම සිදුවීම නවකවදය හා සම්බන්ද නෑ. මෙය සාදයක් අවසානයේ ඇතිවු සිදුවීමක්. යම් සිසුවකු හෝ කීපදෙනකු හිතාමතාම මෙය සිදුකර තිබේ නම් දැඩි දඩුවම් ලබාදෙන” බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති කියයි.

පසුගිය 05 දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීම සඳහා පැවැති සාදයක් අවසානයේ අලුයම 1.30ට පමණ සිදුවු සිඳුවීමකදී ටයරයක් හිසට වැදීමෙන් සිසුවකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බවත් ඇතැමෙක් මෙය නවකවදය හා සම්බන්ද කිරීමට උත්සාහ කලද එවැනි සිදුවීමක් නොවන බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පවසයි.

“සිදුවීම වන අවස්ථාවේ එහි රැදී සිටි සිසුන් බහුතරයක් දෙනා පළමු වසරේ අයයි. දෙවන වසර සිසුන් දෙසතියක අධ්‍යයන නිවාඩු ලබා සිටින නිසා නිවෙස් බලාගොස් අති බවයි. මේක නවකවද සිදුවීමක් ලෙස ඇතැමුන් විග්‍රහ කරන්න හදනවා. මේක එවැනි සිදුවීමක් ලෙසටම අර්ථ දක්වන්න බැහැ. මේ වසරේදි අපි නවක වදය ඉතාමත් අවම මට්ටමකට ගේන්න සමත් වුණා. ඇත්තටම මේක සිදුවුණේ නවක වද කාල සීමාව අවසන් වීමෙන් පසු නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් පැවැත්වුණ සාදයකදීයි. මේ සාදය පැවැත්වෙන බව ආරක්ෂක අංශ දැනුවත්ව සිටියා. රාත්‍රි දහයෙන් පසු සිසුවියන් හා අනෙකුත් සිසුන් බොහෝ දෙනෙක් පිටව ගොස් තිබුණා. “

යැයිද පැවසීහ.

අපි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් කරනවා යැයිද, දැනට මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයෙන් මෙන්ම පොලිසියෙන්ද වෙන වෙනම පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බවද එහිදී යම් සිසුවකු හෝ කීප දෙනකු හිතාමතාම මේ අනතුර සිදුකර තිබේ නම් ඒ අයට එරෙහීව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උප කුලපතිවරයා පැවසීය.

තුවාල ලබා සිටින්නේ මිනුවන්ගොඩ කමරාගොඩ ප්‍රදේශයේ පදිංචි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ පසිඳු හිරුෂාන් නමැති සිසුවාය. විශ්ව විද්‍යාල ක්‍රීඩාගාරයේදී මෙම සාදය පවත්වා ඇති අතර සාදය අවසන් කළ යුතු වෙලාව පසුවී පසුදින අලුයම වනතුරු සිසුන් කුඩා කණ්ඩායමක් ක්‍රීඩාගාරයේ රැඳී සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button