දේශීය

කොරෝනා නිරෝධායනයට සල්ලි ඉල්ලපු ලිපිය ඇත්තක්

කොරෝනා ව්‍යාප්තවන රටවල්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ආහාර ගාස්තු ලෙස රුපියල් 7500ක් අය කිරීමේ පුවත ඊයේ(10)සමාජ මාධ්‍ය ජාලවල අතිශය විවේචනය ලක්වුණු පුවතක් වුනු නිසාම, රජය විසින් එම පුවත සාවද්‍ය පුවතක් බවට පත් කිරීමට බොහෝ උත්සහයක් දරා තිබුණා.

නමුත් එම පුවත රාජ්‍ය මාධ්‍යවල සහ පුද්ගලික මාධ්‍ය කිහිපයක වාර්තා කර තිබුණා. එමෙන්ම දෙරණ නාලිකාවේ චතුර අල්විස් මාධ්‍යවේදියා විසින් එම පුවත සත්‍යයක් බවට facebook සටහනක්ද තබා තිබුණා.

අද (10) උදෑසන මෙරටට පැමිණි විදෙස්ගතව සිටින ලාංකිකයින් සදහා ආහාර ගාස්තු ලෙස රු 7500 ක මුදලක් අයකරන බවට පත්‍රිකාවක් බෙදා හැර තිබුණු බව මා වාර්තා කළා.

එය තහවුරු කරන ලද පුවතක් වන අතර, මෙම පත්‍රිකාව බෙදා දුන්නේ ගුවන්තොටුපල තුලමයි. (එම වීඩියෝ දර්ශන ද මා සතුව ඇත.) ඒ සමග තවත් කොල තුනක් බෙදා දුන් අතර ඒවා ලබාදී ඇත්තේ ආගමන විගමන කටයුතු සිදුකරන මොහොතේමයි.

– චතුර අල්විස්

One Comment

  1. කොරෝනා වයිරසයට මුදල් දීමට අකමැති වෙන්නේ ඇ යි, මිනිස්සු තමන්ගේ සුකවිවරණය අදික ලෙස මුදල් වියදම් කරද්දී මෙවන් අවස්ථවක රුපියල් 7500/ දුන්නම මොකද වෙන්න තිබෙන ආර්ථික අඩුපාඩුව, අපි කුඩා රටක් තුන්වන ලෝකයේ රටක්, , මෙවන් අවස්ථා වකදී පිටරට සිට පෙමිනෙන්නන් මේ මුදල ගෙවිය යුතුයි. එය සාදාරනයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button