කලා

සිංහල බුදුදහම තුඩින්තුඩ රැව්දෙන කාලයක මිනීමරු සැමියෙකු සහ කොල්ලකාරී තරුණියකගේ කතාවක්

මේ රටේ එක්තරා මෑත යුගයක ජීවත්වුනු මිනිසෙකුගේ අහම්බ දිනයක් ගැන කතාවක්….

කමල් වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. කාලයක් තිස්සෙ හිරකරගෙන හිටි පීඩනයක් පුපුරා යාමෙන් දවසක් කමල් අතින් එයාගෙ බිරිඳ මැරෙනවා. කලින් සැලසුම් නොකළ මරණය නිසා අවුලට වැටෙන ඔහු මිනිය කාර්එකේ ඩිකියේ පටවාගෙන හම්බන්තොට පැත්තට ඇදෙනවා. රට පුරා සංවර්ධනයේ නමින් පාරවල් හැදෙන, සිංහල බුදුදහම තුඩින්තුඩ රැව්දෙන කාලයක්. කමල්ට මේ ගමන පුරා විකාරරූපී මිනිස්සු මුනගැහෙනවා. එකතැනකදි ස්වකීය පෙම්වතාගේ වටිනා සූට්කේසයක් හොරකම් කරගෙන පැනලා යන කෙල්ලක් කමල්ගෙ කාර් එකට රහසේ ගොඩවෙනවා. බිරිඳ මැරූ පිහියම පාවිච්චි කරලා ඇය කමල්ව යටත් කරගන්නවා. මේ ආතතිකර සම්බන්දය ටිකෙන් ටික ආදරනීය එකක් බවට පෙරලෙනවා. වෙන විකල්පයක් නැති ඇය කමල් එක්ක ඔහුගේ බිරිඳගේ මිනිය අස්ථානගත කිරීමේ ගමනට සම්බන්ද වෙනවා. මිනියක් ඩිකියේ දමාගෙන දකුණ බලා යන මේ ගමන එක්තරා විදිහක අද්භූතරූපී එකක්. හරියට කමල් සමාන්තර කාල රේඛාවකට අහම්බෙන් කඩාවැදුනා වගේ. නැත්තං පැටලිලිකාර හීනෙක ගැඹුරට ගමන් කරනවා වගේ. මේ මිනීමරු සැමියා සහ කොල්ලකාරී තරුණිය අතර සම්බන්දය මොන වගේ එකක් වෙයිද? ඇවිලෙනසුලුයි කතාව වෙන්නෙ මේකයි.

ඉතින් චින්තන ධර්මදාසගේ සිනමා නිර්මාණයක් විදියට ඇවිලෙනසුලුයි ළඟදීම දිවයින පුරා සිනමාහල්වලදී ඔබට දැකගන්න පුළුවන්.

එහෙනම් බලාපොරොත්තුවෙන් ඉන්න….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button