විද්‍යාව

ඇපල් ෆෝන්වලට තැන නැති වෙයි

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණා.

මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබෙනවා. දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේ සමාගමද තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබෙනවා. මින් පෙර ඇපල් සන්නාමය මෙම ශ්‍රේණි ගත කිරීම්වල ඉහලින්ම තිබුණා.

පේටන්ට් සංඛ්‍යාව, සන්නාමයේ ශක්තිමත්භාවය, විදේශ ප්‍රවර්ධනය, ප්‍රවර්ධන අයවැය හා නවෝත්පාදනය ඇතුළු කරුණු කිහිපයක් යොදා ගනිමින් මෙම ලැයිස්තුව එළි දක්වා තිබෙනවා.

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10

01 සැම්සුන්ග් – දකුණු කොරියාව
02 හුවාවේ – චීනය
03 ඇපල් – ඇමෙරිකාව
04 ෂියෝමි – චීනය
05 ඔප්පෝ – චීනය
06 හෝනොර් – චීනය
07 විවෝ – චීනය
08 ලෙනෝවෝ – චීනය
09 ටෙක්නෝ – චීනය (හොංකොං)
10 එල්.ජී – දකුණු කොරියාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button