දේශපාලන

රන්ජන්ට නාමයෝජනා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇතැයි වාර්තා වෙනවා.

එසේ ලබා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර තිබෙන්නේ තමා ඉදිරි මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සැලසුම් කර තිබුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉහළ ඉල්ලුමක් ඇති බවයි.

තමාට චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කණ්ඩායම් තමා විවේචනය කළත්, මේ වන විට ජනප‍්‍රියත්වය වැඩිවී ඇති නිසා බොහෝ අය තමා සමග හිතවත්ව කතා කරන බවත් ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button