දේශීය

“මගේ වෘත්තිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබාදීමයි” – ආචාර්ය රෝහිත රාජපක්ෂ

සංගීතඥයෙක්, ක්‍රීඩකයෙක්, අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරැවරයෙක් වගේම ගුවන් නියමුවෙක්වන රෝහිත (චිචී) රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ දෙපළගේ බාල පුතණුවන් සමඟ ජනප්‍රිය නිරූපන ශිල්පිණියක්වන කිෂාණි අලන්කි සංවාදයක යෙදුණා.

එහිදී ඔහුට කිෂාණි යොමු කළ පළමු ප්‍රශ්ණය වූයේ “ඔබේ විවිධාකාර දක්ෂතා අතරින් යමක් ඔබේ වෘත්තීය ලෙස තෝරා ගන්නවා නම් ඒ් කුමක්ද?” යන්නයි.

එහිදී රෝහිත රෝහිත රාජපක්ෂ පිළිතුරු දෙමින් කියා සිටියේ,

වෘත්තියක් ලෙස තමා අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවරයෙක් වීමට කැමති බවයි. ගායනය, ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කිරීම තමා සිදු කරන්නේ විනෝදාංශයක් ලෙස බවත් මෙහිදී ඔහු හෙළි කර සිටියා. අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරුවෙකු ලෙස වුවත් තමා බොහෝ විට සිදුකරන්නේ උපදේශන සේවාවක් බවත් මෙහිදී ඔහු හෙළි කලා.

“මම මගේ ප්‍රථම ආචර්ය්‍ය උපාධිය ගණිත අංශයෙන් නිම කළා. දැන් මම තවත් ආචාර්ය උපාධියක් ව්‍යාපාර පරිපාලන සහ මානව මනෝ විද්‍යාවෙන් හදාරමින් සිටිනවා. මම අංශයකට සිරවී ඉන්න කැමති නෑ. ඒ නිසා මම වරින් වර අලුත් අලුත් දේවල් කරමින් මගේ දැනුමේ විෂය පථයන් පුළුල් කර ගන්නවා”

යනුවෙන් ඔහු පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button