දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලය ලඟදී අබාධිත රණවිරුවන් මහමගට ඇද දමයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින කිහිපයක් පුරා කොටුව දුම්රියපොළ අසල රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ අබාධිත රණවිරුවන්ගේ උපවාසය හා ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඇති උද්ඝෝෂණ ස්ථානයේ අට්ටාලයක් ඉදිකරමින් ඔවුන් විරෝධතාව ගෙන ගියා.

ඊයේ (25) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ ස්ථානයේ අබාධිත රණවිරුවන් විසින් විරෝධතාව පල කරමින් අව් රශ්මියෙන් බේරීම සඳහා ඉදිකර තිබූ අට්ටාලය පොලිසියේ මැදහත් වීමෙන් ඉවත් කරනු ලැබුවා.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත වූ තවත් පිරිසක් විසින් ‘රට ජාතිය බේරාගත් රණවිරුවන්ට’ කරනු ලැබූ මෙම අසාධාරණ ක්‍රියාවට දැඩි විරෝධයක් දක්වා තිබුනා.

ජනාධිපතිවරණයට පෙර අබාධිත රණවිරුවන් තම ඉල්ලීම් ලබාගැනීම කරනු ලැබූ උද්ඝෝෂණයේදී හාමුදුරුවරු මෙන්ම විරෝධතාව ඉදිරියට ගෙන යාමට සහය පළකරමින් අට්ටාල පවා ඉදිකර දෙමින් ඔවුන් වටා එකතු වූ බොහොමයක් ජාතික ව්‍යාපාර, දේශපාලනඥයින්, ප්‍රසිද්ධ නළු නිළියන්, මෙවර ඔවුන් වටා දක්නට නොලැබීම කණගාටුදායක බව උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සමග ඊයේ (25දා) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණ බවත්, එහිදී ඉදිරි මහ මැතිවරණයට පෙර අදාළ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවත් එම බලවේගයේ ජාතික සංවිධායක එච්.එම්.එස්. මහින්දසිරි මහතා පැවසීය.

ඒ අනුව ඊයේ (25දා) පස්වරුවේ සිට මෙම උපවාසය අවසන් කළ බවත්, එම ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් නැවතත් උපවාසය ආරම්භ කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


ඊයේ (25) එම අට්ටාලය ඉවත්කළ අවස්ථාවේ වීඩියෝව පහතින් (Newshub.lk ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button