දේශීය

මොකක්ද අනේ තැලසීමියාව කියන්නේ….? පවිත්‍රා අසයි….

තැලසීමියා රෝගීන්ගේ සුවිශේෂී තත්වයන් සහ ප්‍රතිකාර විධි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝගීන්ගේ භාරකරුවන් නිරන්තරයෙන් දැනුවත් කරමින් ඔවුන් සමඟ සමීප සබඳතාවක් පසුගිය යුගයේදී පවත්වාගෙන ගිය අතර “තැලසීමියා රෝගීන්ගේ භාරකරුවන්ගේ සංගමය” පසුගිය දිනක අභිනව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය හමුවීමට පැමිණ තිබුණේ ද තමන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහාය.

කලින් වෙන්කරගත් වේලාවට අනුව පැමිණි එම සංගමයේ නියෝජිතයින් පිරිස “මැඩම්, අපි මේ තැලසීමියා රෝගීන්ගේ භාරකරුවන්ගේ සංගමයෙන්” කියන විටම ඇමතිනිය ඔවුන්ගෙන් ක්ෂණිකව විමසා තිබුණේ “මොකද්ද අනේ තැලසීමියා කියන්නේ…?” යනුවෙනි. සංගමයේ නියෝජිතයින්ට සිදුව තිබුණේ මුහුණෙන් මුහුණ බලාගැනීමටය.

කෙසේවෙතත් එම සංගමයේ සභාපතිවරයා, තැලසීමියා රෝගය යනු උපතින්ම ඇතිවන ජානගත රෝගයක් බවත් රතු රුධිරාණුවල හිමොග්ලොබින් නිශ්පාදනය කිරීමේ හැකියාව අඩුවීම නිසා ඇතිවන්නක් බවත් යනාදී වශයෙන් විස්තර කර තිබුණු අතර අය අසා සිටි ඇමතිවරිය “ආහ්, ඒක මගෙ මාධ්‍ය ලේකම්ට කියන්නකෝ. ඔයාලට ඕනෙ දේවල් එයාට කියන්න, එයා කරලා දෙයි” යනුවෙන් පවසමින් විනාඩි 3කින් සාකච්ඡාව අවසන් කර තිබේ.

මේ කතාව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පැතිර ගොස් ඇති අතර අමාත්‍යාංශ නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ පුදුමයට පත්විය යුත්තේ මීට වඩා වෙනස් ප්‍රතිචාරයක් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ලැබුණා නම් බවය.


ලංකා නිව්ස් වෙබ් ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button