දේශපාලන

වර්තමාන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ විරුද්ධයි

ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව පිහිටුවීමට තමා එකඟ නොවූ බව අගමැතිවරයා මුල් වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් විපක්ෂයට හිමි වී තිබුම හේතුවෙන් ආණ්ඩුවට ඉදිරියට යාමට අපහසු බවට විශ්වාසය පළ කරන අගමැති මහින්ද රාජපක්ෂ, අවස්ථාව ලැබුන විගස පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයට යා යුතු බවට යෝජනා කරයි.

“මම මේක භාරගන්න අවස්ථාවේම කිවුවා, මේක භාරගන්න එපා කියලා, ආණඩුව එයාලටම කරගෙන යන්න දෙන්න කියලා. හැබැයි වැඩිදෙනා කිව්වේ භාරගෙන අපි මේක කරමු කියලා. විපක්ෂයට වැඩි ආසන ප්‍රමාණයක් තියාගෙන ඉදිරියට යන්න බෑ කියලා අපි විශ්වාස කළා. අපි මාර්තු පළමුවනදායින් පස්සේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයට යා යුතුයි”

අගමැතිවරයා මිලියන 80ක වියදමින් ඉදිකළ හාරිස්පත්තුව නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති වත්මන් විපක්ෂය, ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලට පවා විරුද්ධවන බවට තමා කල්තබා තේරුම්ගෙන සිටි බවද හෙතෙම පැවසීය.

ඇමැතිවරුන්ගේ නියෝග ක්‍රියාත්මක කරන රජයේ නිලධාරින් හට ආරක්ෂාව තිබිය යුතු හෙයින් රාජ්‍ය නිලධාරියා සද්වභායෙන් කරන කිසිම ක්‍රියාවකට නඩු පැවරිය නොහැකි ආකාරයට නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button