දේශීය

“ගින්න, මුතුරාජවෙල ඉඩම් කොල්ලයට” කරපු වැඩක් ද…?

මීගමුව කලපුවට යාබද කඩොලාන පරිසර පද්ධතියට ද හානි පමුණුවමින්, මීගමුව නගර සභාව විසින් කුණු බැහැර කරන ලද ස්ථානයක් පසුගිය දා හදිසියේ ම ගිනි ගත්තේ ය.

එසේ ගිනි ගන්නා ලද්දේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින්, ක‍්‍රීඩාගංනයක් ඉදිකිරීම සදහා ගොඩ කිරීමට ගම්පහ අඩවි වන නිළධාරිනියගෙන් ඉල්ලා සිටි කඩොලාන පරිසර පද්ධතියට ආසන්න ප‍්‍රදේශයකි.

මේ නිසාම, හදිසියේම ඇති වූ මෙම ගින්න පිළිබදව සැකයක් මතුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ පවසයි. එබැවින් අදාල ගින්න කඩාකප්පල් කාරී ක්‍රියාවක ප‍්‍රතිඵලයක්දැයි විමර්ෂණය කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

“ගින්නෙන් කඩොලානට හානියක් නෑ” – බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය

කෙසේ වෙතත් ගින්නෙන් කිසිඳු ආකාරයකින් එහි කඩොලාන පද්ධතියට හානි සිදු වී නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹෙපොල පවසයි.

ඇය ප්‍රකාශ කරන්නේ කඩොලාන පද්ධතියට හානි වු බවට අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය වන බවයි.

කඩොලාන පද්ධතිය සහිත ප්‍රදේශයට මෙම ගින්න පැතිරීමට කිසිදු ඉඩක් ලබා නොදුන් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

පරිසරවේදින්ගේ විරෝධය

මේ අතර පරිසරවේදින් සහ සමාජ ක්‍රියාකාරින් සමාජ මාධ්‍යයද භාවිතා කරමින් සංවේදි පරිසර කලාපයක පවත්වාගෙන යනු ලබන මේ කසල අංගනයට දැනටමත් දැඩි විරෝධයක් එල්ල කරමින් තිබේ.පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ මේ ස්ථානයට කසල බැහැර නොකළ යුතු බවට සීදුව නගර සභාව ඇතුළු අදාල බලධාරින් වෙත අවස්ථා ගණනාවකදිම දැනුම් දි ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button