දේශීය

සම්පුර්ණ සුවය ලබා මාස්ක් එකක් පැළඳ, පවිත්‍රාගේ උණුසුම් සිප ගැනීමෙන් ඇය රෝහලෙන් පිටවූවාය

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී බෝවන රෝග පිලිබඳ ජාතික විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19) එම රෝහලෙන් පිටව ගියාය.

ශ්‍රී ලංකාවෙන් හමුවූ COVID-19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වන්නේ ඇයයි.

එම චීන ජාතික කාන්තාව රෝහලෙන් පිටව යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ද ඊට එක්ව සිටි අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද එහි පැමිණ සිටියාය.

මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලින්, ඇය මේ වනවිට සම්පූර්ණ සුවය ලබාගැනීමට සමත්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එම වෛද්‍යවරු, හෙද සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සේවය අප අගයන නමුත්,

සම්පුර්ණ සුවය ලැබූ ඇය මාස්ක් එකක් පැලඳ සිටියාය. ඒ තරමට ඒ සුවය ගැන විශ්වාසයක් නැතිදැයි අප නොදන්නෙමු.

එමෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවක් ලෙස අප රෝගී වී රෝහල්ගතව සුවය ලබා හෝ තිබුණාට වඩා උත්සන්න වී රෝහලෙන් පිටවන විට, පවිත්‍රා ඒවිදැයි අපත් අසන්නෙමු….

අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූනය – facebook සමාජ මාධ්‍ය ජාලයෙන් උපුටා ගැනීමකි

සමාවෙන්න පවිත්‍රා නෝනා අපි රටවැසියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button