දේශපාලන

“කසිප්පුකාරයෝ පාර්ලිමේන්තුවට යවන්න එපා” – ‘කසිප්පු කාරයෙක්’ කියයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට කසිප්පුකාරයන්, කප්පම්කාරයන් නොඑවිය යුතු බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසයි.

පෞද්ගලික නාලිකාවක සම්මුක සාකච්ඡාවකට සහභාගී වීමෙන් ඔහු එම අදහස් පළකර සිටියේය.

පසුගියදා දින 52 ක ආණඩුව පැවති කාලයේ පාර්ලිමේන්තුවේ මිරිස් තුඩු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනාව ඔහුට එල්ල වීම සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ එවකට එකාබද්ධ විපක්ෂයේ බොහෝමයක් දෙනා ඒ සදහා සම්බන්ධ වූවත් එහි වගකීම අවසානයේ දී තමන්ට එල්ල වූ බවයි.

පසුගියදා අගමැතිවරයා සමග සහභාගී වූ ඉන්දීය සංචාරය පිළිබද සහ වියතුන් උගතුන් පාර්ලිමේන්තුවට එවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

කෙසේ වෙතත් පසුගිය දිනවල විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වුයේ මොහු නීති විරෝධී අරක්කු ජාවාරම් කරුවෙකු බවයි. එමෙන්ම මොහු පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අසුනට වතුර හැලීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියට පත්වී සිටියා.


සැලකිය යුතුයි – ප්‍රසන්න රණවීරට, අප ඉහත මාතෘකාවේ ‘කසිප්පු කාරයෙක්’ යයි හඳුන්වා ඇත්තේ විකිපීඩියා විශ්වකෝෂයේ එසේ සඳහන්ව තිබුණු බැවින් ය.

විකිපීඩියා විශ්වකෝෂය යනු ඉතා නිවැරදි තොරතුරු අන්තර්ගත විශ්වකෝෂයකි. විදෙස් රටවල නඩු කටයුතු සඳහාද මෙහි අන්තර්ගතයන් වලංගුවන තරමටම විකිපීඩියාවේ තොරතුරු ගැන විශ්වාසය තබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button