දේශීය

Uber රියදුරෙකුගේ පිහි ඇනුමකින් මගියෙකු නූලෙන් බේරෙයි

Uber රියදුරෙක් මගියෙකුට අමානුෂික ලෙස පහරදී මග දමා යාමේ සිද්ධියට මාස 3ක් ගත වීමටත් මත්තෙන්, හෝකන්දරදී තවත් ඌබර් රියෙදුරෙකුගේ ඇනුම් පහරකින් මගියෙකු යන්තමින් බේරුණු අවස්තාවක් පිළිබඳව වාර්තා වෙයි.

මෙම සිදුවීම සිදුවන්නේ ඉරිදා(09) අළුයම කාලයේ දී ය.

facebook හි ශීඝ්‍රයෙන් පැතිරෙන සටහනකට අනුව සිදුවීම මෙසේය….

පූජන සැකරි වෙතසිංහ (Pujana Zachary Wethasinghe) නම් තරුණයා තම මිතුරෙකු සමඟ ඌබර් රථයකට ගොඩව ඇති අතර එහිදී රියදුරු ඔවුන් ගෙවීම් කරන්නේ අත්පිට මුදලට නොව ක්‍රඩෙට්කාඩ් පතක් හරහා බව දැන ගත් විට ඇතිවූ බහින් බස් වීමකින් පසුව පහරදීමක් සිදු කර ඇත.

මෙහිදී මැදිවියෙහි පසුවන මුස්ලිම් පුද්ගලයෙකු වන නසූර්දීන් නැමති රියදුරු පිහියකින් පූජනගේ බඩට ඇනීමට තැත් කර ඇත.

මිරිහාන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව හෝ ඌබර් සමාගම දිගින් දිගටම දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමෙන් පසුව හෝ මේ පිළිබඳව කිසිඳු සාධනීය ක්‍රියාමාර්ගයක් නොගත් බව එම තරුණයා facebook සටහනක් තබමින් පවසයි.

මෙවන් සිදුවීම් නිතරම වාර්ථා වූවත් තවමත් ඌබර් සමාගම නිළ කාර්‍යාලයක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාමක් කරන්නේ නෑ. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් හමුවීමට ඌබර් නිළධාරියෙකු හෝ ලංකාවේ නොසිටීම මගීන්ගේ ආරක්ෂාව පැහැදිලිවම නොසලකා හැරීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button