දේශීය

කිසිදා ඇවිදිය නොහැකි ලෙස පොහොට්ටු තොරණ හිසමත වැටී එක්තැන් වුණු තරුණියට තර්ජන

ජනාධිපතිවරණ සමයේ දී එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ පිළි ගැනීම සදහා මහරගම ඉදිකර තිබුණු තොරණක් හිස මතට කඩා වැටීමෙන් ආබාධයට ලක් වූ සුලාරි ලක්නිමා නම් 27 හැවිරිදි තරුණියට, යළි කිසි දිනෙක ඇවිදීමට නොහැකි වනු ඇති බව වෛද්‍යවරු පවසා තිබේ.

එසේ තිබියදී, තමන්ට වූ අසාධාරණයට එරෙහිව නීති මගට නොයන ලෙස, තොරණ ඉදිකළ පාර්ශ්වයේ ආධාරකරුවන්ගෙන් තමන්ට තර්ජනය එල්ල වෙමින් පවතින බව සුලාරි චෝදනා කරයි.

සුලාරිගේ හිස මතට කඩා වැටුණු තොරණ ඉදිකර තිබුණේ මහරගම හිටපු නගරාධිපතිනි, කාන්ති කොඩිකාර සහ ඇගේ සැමියා වන උපාලි කොඩිකාර යන අයගේ ආධාරකරුවන් විසිනි.

සිද්ධිය වූ අවස්ථාවේ දී සුලාරි වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව කියා ඇති කාන්ති කොඩිකාර, මේ වන විට සුලාරි බැලීම සදහා එකම එක අවස්ථාවක් පමණක් පැමිණ ඇති බව පැවසේ. එමෙන්ම, එක් වරක රුපියල් දස දහසක් සහ තවත් වරක රුපියල් පහළොස් දහසක් වශයෙන් රුපියල් විසිපන් දහසක් ඇයට ලබා දී තිබේ. ඒ මුදල් ලබා ගැනීම සදහා ද සිය වතාවකට වඩා දුරකථන ඇමතුම් ලබා දීමට සිදුව ඇති බව සුලාරිගේ පාර්ශ්වයෙන් වර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button