දේශපාලන

කෝප් කමිටු සභාපති ධුරය වංචා චෝදනා තියෙන මහින්දානන්දට…?

පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් කාරක සභාව (COPA) සඳහා සභාපතිවරුන් අද (07) දිනයේ පත්කිරීමට නියමිතව තිබේ.

එම කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම පසුගිය බදාදා දිනයේදී සිදු කෙරුණු අතර අද එම කාරක සභා පළමු වරට රැස්වීමට නියමිතය.

මෙම පළමු රැස්වීමේදී එම කමිටු සාමාජිකයින්ගේ එකඟතාව අනුව සභාපතිවරුන් පත් කරගැනීම සිදු කෙරේ.

එහිදී පොදු ව්‍යාපාර කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත් කළ යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

2014 වර්ෂයේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක වංචාවක් සිදුවී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව චෝදනා එල්ල වී ඇත. 2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගන්නා ලද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඇපමත නිදහස්ව සිටී.

මීට අමතරව කුරුදුවත්ත ප්‍රදේශයෙන් ලක්ෂ 270ක් පමණ වටිනා නිවසක් මිලට ගෙන ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කොට මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට පත්ව පසුව ඇපමත නිදහස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button