විදේශීය

චීනයේ තවත් නගරයක් හුදකලා කරයි

නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමටත්, ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීමත් අරමුණු කර ගනිමින් චීනයේ ‍ෂෙජියෑන් පළාතේ වෙන්ෂු නගරය හුදෙකලා කිරීමට චීනය කටයුතු කර තිබේ.

වූහාන් නගරයේ සිට කිලෝ මීටර් 800ක් දුරින් මෙම නගරය පවතියි. එම නගරයේ ජනගහනය මිලියන 9.1 වන අතර ඒ අතරින් කොරෝනා වෛරස ආසාදිතයින් 265ක් වාර්තා වී ඇත.

හුබෙයි පළාතෙන් පසුව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ෂෙජියෑන් පළාතෙන් වන අතර එය 661කි. එම පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වෙන්ෂු නගරයෙනි.

නරගය හුදෙකලා කිරීමත් සමගින් එක් නිවසක එක් පුද්ගලයෙකු දින දෙකකට වරක් නිවසින් පිටතට පැමිණ අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button