දේශීය

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයෙක් හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් ආසාදිතයා හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්. ඇය මේ වන විට බෝවන රෝග පිලිබඳ ජාතික විද්‍යායතනයට (IDH) ඇතුළත් කර සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරනවා.

රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button