දේශීය

බිබිල මූලික රෝහලේ මරණය අත ළඟ

බිබිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇති කෝටි ගණනක් වටිනා උපකරණ වසර 10 ක් තිස්සේ දිරාපත් වෙමින් තිබෙන බවට වාර්තා වෙනවා.

2010 වසරේ මාර්තු 25 වනදා මෙම රෝහලට මාතෘ සහ ළමා ඒකකයක් ද සමග නවීන පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් ද ලබා දී තිබෙනවා.

එහෙත් වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් මෙතෙක් දැඩි සත්කාර ඒකකය ක්‍රියාත්මක නොවන බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බිබිල මූලික රෝහලේ ලේකම් වෛද්‍ය සමීර උදයංග මේ සම්බන්ධයෙන් පැවසූවේ, බිබිල මූලික රෝහලට මේ වන විට අති විශාල වෛද්‍ය නිලධාරී හිඟයක් බලපා ඇති බවයි.

මෙම ගැටලූව සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා මෙන්ම ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ද දැනුවත් කළ බවත් වෛද්‍යවරුන් පවසනවා.

වෛද්‍ය හිඟය තවදුරටත් උග‍්‍ර වන්නේ නම් රෝහලේ ඇති ළමා ප‍්‍රතිකාර ඒකකය ද වැසීයාමේ අවධානමක් ඇති බවත් ඔවුන් අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button