දේශීය

ජීවිත 4ක් අහිමි කළ හපුතලේ ගුවන් අනතුරට හේතුව කාර්මික දෝෂයක් නොවෙයි

හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය කඩා වැටී ඇත්තේ කාර්මික දෝෂයකින් නොවන බව විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

ගුවන් නියමුවාගේ නොසැළකිල්ල නිසා එය අනතුරට පත්වූ බව විමර්ශන වලින් අනාවරණය වුනා.

කඩා වැටුණු ප්‍රදේශයේ පියාසර කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව ද ගුවන් හමුදා විමර්ශකයන් සොයාගෙන තිබෙනවා.

මෙම විමර්ෂණ වාර්තාව මේ වනවිට ගුවන්හමුදාපති වෙත ලබාදී ඇති අතර එය බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම ගුවන් අනතුර නිසා ගුවන් නියමුවා ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button