දේශපාලන

“රජිනි කාන්ත්ගේ වීසා ප්‍රතික්ෂේප කළ කතාව බොරුවක්”

- නාමල් රාජපක්ෂ

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම වීසා ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ රජනි කාන්ත්ගේ පැමිණීමට බාධා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

රජිනි කාන්ත්ගේ රසිකයන් විශාල ප්‍රමාණයක් මෙරට සිටින බවත් තමා මෙන්ම තමාගේ පියාද ඔහුගේ සිනමා රසිකයන් බවත් නාමල් රාජපක්ෂ එහි සඳහන් කර ඇත.

ඔහුට මෙරටට පැමිණීමට අවශ්‍ය නම්, ඒ සඳහා රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හෝ කිසිදු බාධාවක් නොමැති බව ද එම මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පවසා සිටියි.


පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලවල සහ සමහර පුවත් වෙබ් අඩවිවල සඳහන් කර තිබුනේ රාජිනි කාන්ත් යනු ඊලාම් හිතවාදියෙකු බැවින් ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට පවතින් රජයෙන් අවසර නොදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button