දේශීය

මාසයක් ඇතුළත ශ්‍රී පාදස්ථානයෙන් ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්

ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාසයක් වැනි කෙටි කාලයක් ගතව ඇති අතර මෙම කාලය තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර තිබෙනවා.

වන්දනාකරුවන් විසින් ශ්‍රි පාද වන්දනාවේ රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් ආපසු නල්ලතන්නිය දක්වා රැගෙන ඒමටත්, ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා නොහැර ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරිම සඳහා නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයේ සවි කර ඇති කැලි කසල බදුන් වලට බැහැර කර ඇති බව සඳහන්.

මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් ශ්‍රිපාද වන්දනා සමයේදි එක්රැස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රිකරණය කිරිම සදහා පෞද්ගලික ආයතන වෙත ලබා දීමට නියමිතයි.

නල්ලතන්නිය නගරයට සහ ශ්‍රි පාද මාර්ගයේ පිරිසිදු පානිය ජල යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන්නේ නම් ශ්‍රිපාද පුද බිමේ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කළ හැකි බවයි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button