සමාජ

බුදු රුව සහිත පච්චය නිසා අත්අඩංගුවට ගැනුණු නයෝමිට ලංකාවෙන් වන්දි

බුදුන් වහන්සේගේ රූපයක් පච්චා කොටා තිබීම හේතුවෙන් 2014 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරුණු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඒ වෙනුවෙන්, ශ්‍රී ලංකා රජයට එරෙහිව පැවරූ නඩුවෙන් ජය ලබා ඇත. ඒ අනුව ඇයට වන්දි වශයෙන් රුපියල් අට ලක්ෂයක වන්දියක් ගෙවීමට නියම විය. මෙය ගෙවීමට සිදුව ඇත්තේ ඇයව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනාටයි. නයෝමි කෝල්මන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරවාරයේ 2014 අප්‍රේල් මස අත්අඩංගුවට ගැනුණේ බුදුන් වහන්සේගේ රූපයක්, බාහුවේ පච්චා කොටා තිබීම හේතුවෙනි. ඇයව එක් දිනක් මීගමුව බන්ධනාගරයේත්, ඉතිරි දින කිහිපය රැඳවුම් මධ්‍යස්ථානයකත් රඳවා තබා ඇති අතර ඉන් අනතුරුව ඇයව පිටුවහල් කර තිබේ. මේ පිළිබඳ තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු නෛතික පදනමකින් තොරව ඇයව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති බවයි.

“මම බෞද්ධ රටවල් රැසක සංචාරය කර තිබෙනවා. බුදුන් උපන් නේපාලයද ඇතුළුව බොහෝ රටවල්වල මේ පච්චය ඉතා සාමාන්‍යයි…. මේ රටේ දී මම ඇත්තටම භය වුණා. මම වරදක් නොකළ බව මම දැන සිටියා. මම හිතනවා මට සාධාරණය ඉටු වුණා කියලා…””මම බෞද්ධ රටවල් රැසක සංචාරය කර තිබෙනවා. බුදුන් උපන් නේපාලයද ඇතුළුව බොහෝ රටවල්වල මේ පච්චය ඉතා සාමාන්‍යයි…. මේ රටේ දී මම ඇත්තටම භය වුණා. මම වරදක් නොකළ බව මම දැන සිටියා. මම හිතනවා මට සාධාරණය ඉටු වුණා කියලා…”

නඩු තීන්දුවෙන් අනතුරුව නයෝමි ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button