දේශීය

වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් බවට ජනාධිපති තීරණය කරයි

වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප මාර්තු 01 වැනිදා සිට රුපියල් 1000ක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි.

මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබේ. දැනට ක්‍රියාත්මක බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් ඊට ඇතුළත්වේ.

වතු සමාගම්වලට මෙම සහන හිමිවන බැවින් එහි ප්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍රයක ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකර දීම රජයේ අපේක්ෂාව බවද හෙතෙම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button