දේශපාලන

ආරක්ෂාවට ගබඩා කළ හඬපට ආණ්ඩුවයි පොලිසියයි පෞද්ගලික නාලිකාවලට විකුණුවා

- රන්ජන් රාමනායක

මේ දිනවල තමන්ට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ පෙනී සිටීමට තමන් තුළ කිසිදු බියක් නැතැයි රන්ජන් රාමනායක පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළහොත් තමන් ස්වාධීනව තරග කරන බවද, දැනටමත් පක්ෂ කීපයකින් තමාට ආරාධනා කර ඇතැයිද කී ඔහු, ඉදිරි මැතිවරණයේදී පරාජයට පත් වුණොත් සිනමා නළුවෙකු ලෙස පූර්ණ කාලීනව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් ප්‍රකාශ කළේය. තමා රඟපාන චිත්‍රපට නැරඹීමට ජනතාව ප්‍රතික්ෂේප කළොත් විදෙස් රටකට ගොස් ජීවත්වන බවත් සඳහන් කළේය.

“මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා. මා ඉලක්ක කළාට කමක් නැහැ. සමහර අයගේ පවුල් ජීවිත කඩන්න එපා. විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ ජනතාවට අයිති තරංග. මම ගැහැනු ළමයෙක් එක්ක මල් කඩන එක මේ තරංග යොදාගෙන විකාශය කරන එක වැරදියි. මේ හඬපට සියල්ලම මම ගබඩාකරගෙන තියා ගත්තේ මගේ ආරක්ෂාවට. මට මරණ තර්ජන තිබුණා. කෙනෙක් ගිනි අවියක් තබාගත් පමණින් වෙඩි තියන්නෙ නැහැනේ. ඒක තියා ගන්නේ ආරක්ෂාවට. ඒ වගේ තමයි මම මගේ ආරක්ෂාවට මේ හඬපට පරෙස්සම් කරලා තියා ගත්තේ.

කරුණාකරලා මට ඔත්තු දුන්, තොරතුරු දුන් අයට හිරිහැර කරන්න එපා. මහාචාර්ය නන්දසේන රත්නපාල යාචකයෙක් විදිහට රඟමින් තොරතුරු රැස්කළා. මමත් කළේ ඒ වගේ වැඩක්. ගණිකාවන්, පෙම්වතියන්, හොරු, මංකොල්ලකාරයන්ගෙන් තොරතුරු අරගෙන ගබඩාකර ගත්තා. ආණ්ඩුවයි පොලිසියයි ඒවා අරගෙන පෞද්ගලික නාලිකාවලට විකුණුවා.”

යැයි රන්ජන් රාමනායක වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button