විශේෂාංග

රටම අරාජික කරන මුදලට විකිණෙන සංඝ මාෆියාව

දෙවියන් පය නොතබන නැත මෝඩයින් පිණුම් ගසන්නේ යැයි කියමණක් තිබේ.

එළැඹ තිබෙන්නේ මෝඩයින් පිණුම් ගහනවා පමණක් නොව යක්ෂයා අඩව් අල්ලන හෝරාවය. යක්ෂයාගේ හෝරාව තුළ ජාතිවාදය, ආගම්වාදය, දේශප්‍රේමය පමණක් නොව අන්තවාදය වැනි රටේ ඉදිරි ගමනට මෙන්ම සමාජයේ ප්‍රගමණයට කිසිසේත්ම හේතු නොවන කාරණා රැසක් ඉදිරිපත් වෙමින් තිබේ.

මේ ආණ්ඩුව බලයට පත් කරන්නට කළ හැකි සියලුම ඇවිස්සීම් සිදු කළේ සංඝයාවහන්සේලා යැයි කියාගන්නා හාංදුරුවන් පිරිසකි. එම පිරිස මේ වන විට කටයුතු කරමින් සිටින ආකාරය දෙස බලන විට පෙනී යන්නේ රටේ අනාගතය එහෙම පිටින්ම අඳුරු යුගයක් කරා ගමන් කරමින් සිටින බවයි.

හාංදුරුවන්ගේ ‌වෙනම ආණ්ඩුවක්

ඉත්තෑකන්දේ සද්දාතිස්ස, ජඹුරේවෙලා උන්නාන්සේ වැනි හාංදුරුවරු කිහිප දෙනෙක් හාංදුරු ආණ්ඩුවක් වෙනමම පිහිටුවා ගෙන සිටින සෙයකි.

එම පිරිස විසින් වරින් වර කරන ප්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ හරියට රජාගේ බෙල්ලේ හිටපු මැස්සාට කඩුවෙන් කොටපු වඳුරාට සිදු වූ දෙයමය. කොටන්නේ මැස්සාට වුනත් වදින්නේ රජාට බව වඳුරා දන්නේ නැත. අවසානයේ ගහළා යන්නේ රජාගේ හිස බව මෝඩ වඳුරන් දන්නේ නැත.

තමන්ට ඇති කාර්යය කුමක්දැයි තමන් හඳුනා ගත යුතුය. තමන්ට අයත් නැති කාර්යයන් නැත්නම් අනුන්ගේ ඉඩම්වල හතරමායිම් මනින්නට යාමෙන් සිදුවන්නේ නැති ප්‍රශ්න ඇතිවීම පමණක් නොව නොදන්නා දේවල් ගැන කතා කරන්නට ගොස් හතර විලිලැජ්ජාවට පත්වීමය.

මැදගොඩ උන්නාන්සේගේ හතේ ‌පොත

හාංදුරුවරු තමන්ට විෂයය වන කාරනා ගැන කතා කළාට කමක් නැත. එහෙත් ලිංගිකත්වය ගැන හෝ ලිංගික අධ්‍යාපනය ගැන මේ හාංදුරුවරු දන්නේ කුමක්ද? මැදගොඩ අබේතිස්ස උන්නාන්සේ කියන ආකාරයට “අපේ හතේ පොත” තුළ ඇති කාරණා ළමුන්ට ලිංගිකත්වය අතිශයොක්තියෙන් උගන්වා ළමුන් නරක් කරන බවයි.

මැදගොඩ අබේතිස්ස හාංදුරුවෝ කියන ආකාරයට අපේ හතේ පොතෙන් එච්චර හරියක් සිදුවන්නේ නම් ඔහු විසින් පළමුවෙන්ම කළ යුත්තේ පන්සිය පනස් ජාතක ‌පො‌තේ ඇතැම් ජාතක කතා වහාම සංශෝධනය කිරීමය.

පන්සිය පනස් ජාතකයේ ලිංගික ක්‍රියා මෙන්ම ස්ත්‍රී ශරීර වර්ණනා දෙස බලන විට ඒවා අමුකුනුහරුප වියත් බසින් කියා ඇති සෙයකි. එහෙත් එම කතා වඩාත් විචක්ෂණශීලිව පරිශීලනය කරන්නේ නම් ඒවායේ අන්තර්ගතය අමුකුනුහරුප විනා අන් කිසිවක් නොවේ.

කුනුහරුපය වඩාත් විද්වත් වචන වලින් කිව්වත්, ගමේ භාසාවෙන් කිව්වත් කුනුහරුපය කුනුහරුපයමය.

නලිනි ජාතකය

පහත දක්වා ඇත්තේ පන්සිය පනස් ජාතකයේ එන නලිනි ජාතකයේ එන කොටසකි. එය වඩාත් විමසුමෙන් කියවන ලෙස ඔබට ආරාධනය කරමි.

ඒ වේලෙහි පිය තාපසයන් වහන්සේ පලවැල සඳහා වනයට ගියේ පුත් වූ ඉසිසිඞග තාපසයන් පමණක් ආශ්‍රමයෙහි සිටියේය. කුමාරිකාවද හුයින් වෙළන ලද පෙද වටක් ගෙන ඉන් ක්‍රීඩා කරමින් ස්වර්ණභරණයෙන් සැරසී පන්සල් දොරකඩට පැමිණියා ය. එවිට ගල්පෝරුවක් මත වූ ඉසිසිඞග තාපසයෝ එන්නා වූ කුමරිය දැක භයින් ත්‍රස්තව පන්සලට වැද සිටියේය.

කුමාරිකාව පෙද වට ගෙණ කෙළිමින් පන්සල් දොරකඩ සමීපයෙහිම සිටියාය. තාපසයෝ සිතන්නාහු මේ යක්‍ෂණියෙක් නම් බිය වී පළාගිය මා අල්ලා මුරු මුරු ගා කන්නේය. මේ යක්‍ෂණියෙක් නොව තාපසයෙක් වන්නේ යයි සිතා එළියට පැමිණ මීට පෙර තමා පෙදවට නුදුටු හෙයින් ගසක ගෙඩියකැයි සිතා තොප අත ඇත්තේ කුමන ඵලයෙක් දැයි විචාළාහ. එවිට කුරිය බොරු ගොතා කියන්නී. තාපසයෙනි, ගන්‍ධමාදන පර්‍වතය සමීපයෙහි මාගේ පන්සලෙහි මෙවැනි පල ඇති බොහෝ ගස් ඇත. මේ පල මෙසේ දුර දමන ලද්දේ සමීපයටම එන්නේය. අත්හැර නොයන්නේ යයි කීවාය. තාපසයෝද එබස් අසා ඈද තාපසයෙක් යයි සිතා පිළිසඳර කථා කොට පන්සල තුළට පැමිණ වැඳ හිදුව, මුව සෝදා විඩා හැර මේ මිහිරි පල අනුභව කරවයි කීහ.

කුමරියද යහපතැයි ඒ තුළට වැඳ කොළ ඇතිරියෙක්හි උන්නේය. එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද සිප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්ත ස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ.

එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ. තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ.

එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ. ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිඳීමක් වන්නේය, ධ්‍යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්‍යානයෙන් පිරිහුණාහ. මෙසේ දෙතුන් විටක්ම සංසර්ගයෙහි යෙදී දෙදෙනාම පන්සලින් පිටව ජලස්නානය කොට විඩා සංසිඳුවාගෙන නැවත පන්සලට වැද තාපසයෙකුයි යන ස්ථීර හැගීමෙන් යුතුව සිටින තැන් විචාළහ.

ඈ කියන්නී තාපසයෙනි, මේ අසපුවට උතුරු දික් භාගයෙහි ඛේමා නම් වූ ගඞගා තීරයෙහි මිහිරි පලවැලවලින් පිරි උයන් පිරිවැරූ ගී ගයන කිදුරු ලියන්ගෙන් අවට ශොභාමත් වූ ආශ්‍රමයෙක් ඇත. මම එහි වාසය කරමි. කැමත්සේක් නම් තොපද එහි යාමට ආව මැනව, නොයනු කැමති සේක් නම් මම යෙමියි නලිනි කුමාරිකාව පිටත් වූවාය. එවිට ඉසිසිඞග තාපසයෝද ඈ අමතා තපස්වීනි, මගේ පියා වනයට ගියේය. දැන් එන සේක.

උන්වහන්සේ පලාඵල ගෙණකල අවසර ගෙන අප දෙදෙනම තොප වර්ණනා කළ අසපුවට සැපසේ යම්හයි කීහ. එවිට ඈ සිතන්නී මේ තාපසයෝ වූ කලි වනයේම වැඩී වර්ධනය වූ බැවින් ස්ත්‍රීන්ව නොහඳුනති. මුන්ගේ පියාණෝ මා දුටු විට ස්ත්‍රී නියාව හඳුනා මගේ ඔළුව පලාපියා එළවා දමන්නටද හැක්කේය. එබැවින් උන් එන්නට පළමුව යාමට වටනේය. මම ආ කාරිය සමුර්‍ධව ගියේයැයි සිතා තපස්වීන් මා හා කැටිව ඒමට උපායක් කියන්නී. තාපසයන් වහන්ස, මට මෙහි පමාවිය නොහැක. මාගේ පන්සලට යන මාර්ගය බොහෝ උතුම් තපස්වීවරයන් වසන්නාහ. නුඹවහන්සේව එහි කැඳවාගෙන යන ලෙස මම ඔවුන්ට දන්වා යෙමි. උන් අතින් විචාරා වඩිනු මැනවයි. කියා ඈ ආ මාර්ගයෙන්ම අමාත්‍යයන් සමීපයට ගොස් ඔවුන් සමඟ බරණැස් නුවරට ලඟා වූවාය. ශක්‍රයාද ඉතා සතුටුව සියළු රට වැසි වැස්සූහ. ඉසිසිඞග තාපසයන්ගේ සියළු ශරීරය ඇගේ පලා යෑමෙන් පසු දැවෙන්නට විය. වැහැරී සිවුර හිස පාදාන්තය දක්වා වසාගෙන වැදහොත්තාහුය.

නලිනි ජාතකයේ සඳහන් මෙම කතාව අනුව ඉසිසිංග තාපසයෝ නම් ගෞතම බුදුහාමුරුවෝ බෝසත් සමයේ බව එහි දක්වා ඇත.

උම්මග්ග ජාතකය

තවත් ජාතක කතාවක් වන උම්මග්ග ජාතකයේ එන කතාවක්ද උපුටා දක්වමි. මෙහි දැක්වෙන්නේ නන්දා දේවිය වර්ණනාවයි. එහි ඇයගේ පියුයරු පිලිබඳව කියන උම්මග්ග ජාතක කතුවරයා කාන්තාවකගේ තන දෙක මිරිකන විට ඒවා දැඩි නම් මිරිකන පුරුෂයා දැඩිව ඇය කෙරෙහි ආදරය කරන බව පවසයි.

මෙයත් කියවන්න

මෙයින් වදාරා, රජ්ජුරුවන් වහන්ස, සිවුසැටක් පමණ ස්ත්‍රී ලක්ෂණයෙන් විරාජමාන වූ නන්දා දේවි මෙ සේ ගියා හ. කෙ සේ ගියා ද යත් ඕ මා විසින් උම‍ඟෙකින් පිටත් කරවා වේදේම රජ්ජුරුවන් හා කැටි වැ මියුලු නුවරට යවා පියන ලදු. තව ද මහ රජ, නුඹ වහන්සේ, ‘ඒ රජ බිසවුන් කෙසේ වූ රූ ඇති කෙනෙකුනැ’යි සිතන සේක් ද? උන් ගේ උපමා රහිත වූ රුපශ්‍රි විලාසය මා අතින් අසා ගත මැනැවැ. ගන රන් පෝරුවක් බඳු වු ඉතා මට සිලුටු ශ්‍රෝණි ප්‍රදේශය ඇත්තා හ: බාල හංස පෝතකයන් ගේ ශබ්ධ හා සමාන වූ මිහිරි වූ ළඳ බොළද ප්‍රිය තෙපුල් දෙන්නාහ: කශි දේශයෙහි රන් කම් කළ තිහිරි පිළි ඇන්දාහ. ස්වභාවහෙන් මැ රන් වන් ශරීර ඇත්තා හ. ජාත රූපයෙන් කරන ලද මිණි මෙවුල්දම් පැළැන්දහ. මෙ සේ සර්වාංග සුන්දර වූ ඒ නන්දා දේවි මා විසින් මේ සේ යවා පියන ලදැ’යි වදාළ සේකැ.

තව ද අලතා පිරියම් කලාක් වැනි වූ රත් වූ පතුල් ඇත්තා හ: ලද මුවපොල්ලන් ගේ ඇස් හා සමාන වැ කනට රහස් කියන්නට ගීයක් වැනි වැ දික්වූ, කාෂ්ණ මණ්ඩලය පරෙවියන් ගේ ඇස් මෙන් ඉතා කොටැ වැ නිලුපුල් පෙති පරදවන්නා වූ. පස් පෑ දිස්නා නෙත්රත ඇත්තා හ, මනා වැ විලිකුන් බිඹු පල සේ රත් වූ අධර පල්ලව ඇත්තා හ: තව ද දැ හිඟුල් පල්ලෙක් හි ගා වැද්දු සක් කැබැලි පෙලක් සේ ශෝභමාන වූ දන්ත පංක්ති ඇත්තා හ: සිහින් වූ මාධ්‍ය ප්‍රදේශ ඇත්තා හ: තවද ඉතා නිල් වූ දික් වූ සිනිඳු අක් බමරු වූ කේශ කලාප ඇත්තා හ. තවද අභිනව මෘංගාංනාවක ‍සේ ඉතා යහපත් බැලුම් ඇත්තා හ: තව ද හේමන්ත කාල‍යෙහි ගිනි කඳක් මෙන් බැලු බැලුවන් ඇසට ඉතා ප්‍රිය වන්නා හ.ඇයි ගිනි කඳක් දැකැත් ප්‍රිය වෙද් ද යත්: ඒ මෙ සේ යැයි දත යුතු:- හිම සමයෙහි ගින්නක් දුටු කල්හි එහි අත තවා පියන්නට නො සිතන කෙනෙක් නැත්තා හ. එ සේ පැහැපත් වූ වහ්නි රාශියක් මෙන් සියලු රුපශ්‍රීයෙන් බබළන්නා වූ ඒ නන්දා දේවින් දුටුයේ නම් උන් ප්‍රාර්ථනා නොකරන එක ද පුරුෂයෙක් මැ නැති. තව ද පර්වත ප්‍රාන්තයෙන් හුණු ගංගාවක් දෙ බිත්තියෙන් දිගට කී එක පිටැ තමන් ගෙනැ සිටි සිහින් නල කොළ සමූහයෙන් හොබනි ද එ පරිද්දෙන් මැ ඒ බිසවු ඇඟැ තුනු වූ නො දික් වූ නිල් වූ එක හි සිටියා වූ රොම රාජිනියෙන් හෙබියා යැ.

තව ද, නන්දා දේවි, ඡවි කල්යාණ යැ. මාංස කල්යාණ යැ. යන බතා ආශ්චර්ය වූ පඤ්ච කල්යාණයෙන් යුක්ත යැ. තව ද ඉතා යහපත් ස්වර්ණ ඵලකයෙහි තබා ලූ රන්තිඹිරි එළ දෙකක්සේ ඉතා සන්තෝසකර වූ, දරුවන් කොතෙක් ලදත් ආයුෂ කොතෙක් ගියත් සොළොස් හැවිරිද්දෙහි තන මෙන් ඉතා දැඩි වු තන සඟළ ඇත්තා හ. ඒ බිසොවුන් ගේ තන දැඩි නියාව පියන්නට කාරන කිම් ද යත්:

යම් ස්ත්‍රි යක් දිව්‍යාංගනාවක් සේ යහපත් වූ රූ ඇත්තී නමුත් එ සේ වූ ස්ත්‍රිය නඛාග්රාසයෙහි පටන් කේශාග්‍රිය දක්වාත් ඇගේ නොයෙක් පළඳනාවෙන් අනූන වැ සැරැහි සිටියා නමුත්, ඇගේ තනය මොළොක් වී නම් පුරුෂයන් ඈ කෙරෙහි කරන්නා වූ ස්නෙහය සුගත් තනය සේමැ මොළොක් වන්නේ යැ. එ බැවින් බිසොවුන් ගේ රුවත් සිත්කළු යැ. තන දෙකක් ඔවුන් දුටු පුරුෂයන් ගේ ස්නේහය වඩනා පරිද්දෙන් ඉතා දැඩි යැ. එ සේ වූ සිවුමැලි බිසව මෙ සේ මියුලු නුවර ගිය හ’යි ශ්‍රී හස්තය ඔසොවා පෑ වදාළ සේකැ.

මකුලු දැල් වලින් සුළං මුවා කරන්නට

මැදගොඩ අබේතිස්ස හංදුරුවෝ පවසන ආකාරයට අපේ හතේ පන්තියේ පොත තහනම් කළ යුත්තේ එහි ඇති කරුණු නිසා නොව එහි ඇති රාජිතගේ අකිල ගේ ඡායාරූප නිසා බව කිව යුතුය. ලිංගික ප්‍රකාශනයන් සම්බන්ධව විරුද්ධ වීම යනු හුදු කුහකකමකි. නව ලෝකය තුළ අපේ දරුවන් ලිංගිකත්වයෙන් වසන් කර තබා ගැනීමට සිතන්නේ නම් එය වූ කලී මකුලු දැල් වලින් සුළං මුවා කරන්නට තනනවා වැනි ක්‍රියාවකි.

අන්තර්ජාලය තුල පැය විසිහතර පුරාම සැරිසරන අපේ දරුවන් හතේ පන්තියේ පොත තහනම් කිරීමෙන් ලිංගික කාරණා ගැන ගැන දැනුවත්වීම වලක්වා ගත හැකි යැයි සිතීම විහිලුවක් බව කිව යුතුය.

ඒ අනුව මේ පිස්සුවෙන් නටන උන්නාන්සේලා ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය තහනම් කළ යුතු යැයි ප්‍රකාශ කළහොත් එය පුදුමයට කාරණයක් නොවේ.

අනික් අතට අපේ ජාතක කතා පොත මෙන්ම සියලු සන්දේශ කාව්‍යයන් ගත් විට ස්ත්‍රී රූපය වර්ණනා කර තිබෙන ආකාරය මැදගොඩ උන්නාන්සේ දැක නැතුවා වන්නට පුලුවන.

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ විසින් කළ ස්ත්‍රි වර්ණනාව ඔබ සියලු දෙන්නා දන්නා කවියකි.

“සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකල රියසක යුරු තිසර තන
දිසි රනලියෙව් රූසිරි යුත් මෙපුරඟන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන”

සීගිරියේ ළලනාවන්ට බ්‍රෙසියර්

අනික් කාරණය නම් ඉදිරියේ දිනක සීගිරියේ ළලනාවන්ට බ්‍රෙසියර් අන්දවන්නට ද මේ උන්නාන්සේ යෝජනා කරනු ඇත.

එමෙන් ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව අපේ රට තුළ ද ජනප්‍රිය වු කාම කවි රචනා ගැන උන්නාන්සේ නොදන්නවා විය හැකිය.

“කෙසෙල් කඳන් යුගලක් එකිනෙකට බැඳ
ඒ දෙක මැඳින් පහනක් මෙන් තබන ලද
ඇයගේ ඉතාමත් රසවත් පෙදෙස බද
දකිනා රිසින් කෙතරම් අය සිටිනවද.”

ගජමන් නෝනාගේ දැඩිතර ශෝකමාලයේ එන එන ඇතැම් කවි මුලුමනින්ම ලිංගිකත්වයෙන් අනුනය.

එහි එක් කවියක ඇලපාත මුදලි මෙසේ සඳහන් කරයි.

“වානර මුව සෙ නැඹ මුල සුරති ගති පෙනේ…”

ගජමන් නෝනා දෙන පිලිතුර මෙවැන්නකි.

“වානර මුව උළමි හම යන තුරු හොස්සේ…”

මැදගොඩ උන්නාන්සේට අනුව මේ සියල්ලම ලිංගිකත්වය හුවා දක්වන නිසා මේවා තහනම් කළ යුතුය. මේවා ලියු අය රාජද්‍රොහීන් ලෙස නම් කළ යුතුය.

සංඝ මාෆියාව

මීට නොදෙවෙනිව මාගල්කන්දේ දේවදත්තයානෝද කියා සිටින්නේ හොඳ රා කට්ටක් ගහන්නට තිබෙන ඉඩකඩ අහුරා ඇති බවයි. ඒ වෙනුවට ඇති කෘත්‍රිම රා තහනම් කළ යුතු බව හෙතෙම කියයි.

අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. “දේශපාලඥයෝ බණ කියන කොට හාමුදුරවරුන්ට සිදු වන්නේ බන තලන්න” යැයි මගේ මිතුරෙක් මා සමග කීය.

ඇත්තම කිව්වොත් මේ යන ගමන දෙස බලන විට ඉදිරි කාලය තුළ සංඝ මාෆියාව අනෙකුත් සියලු මාෆියාවන්ට වඩා දරුණු වන බව කිව යුතුය.


උපුටා ගැනීම – ජනරළ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button