දේශපාලන

“ගෝඨාභයගෙයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ”

- සරත් ෆොන්සේකා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි.

රාජපක්‍ෂ පරම්පරාව ගැන පැවසූ කොටස හැරුණු කොට ඔවුන් දෙදෙනා විසින් කරන ලද කතාවන්හි කිසිදු වෙනසක් නැතැයිද ඔහු සඳහන් කළේය.

කතා කළ ආකාරයට ප්‍රතිඵල තිබේදැයි තමන්ට සැක බව ද පැවසූ අතර, ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබේ යැයි තමන් විශ්වාස නොකරන බවද පැවසීය.

ආරක්ෂාව දැන් තහවුරු බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන සරත් ෆොන්සේකා සඳහන් කරන්නේ බුද්ධි අංශවල තනතුරු දෙකක් වෙනස් වූ පමණින් ආරක්ෂාව තහවුරු විය නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button