විශේෂාංග

පියාඹන ඇස් රෝහල

මේ ති‍‍බෙන්නේ ලොව පළමු පියාඹන ඇස් රෝහලයි. පළමු කීවත් මෙය පළමු රෝහලේ තෙවැනි අනුවාදයයි. DC-8-21 ගුවන් යානාවක් පළමු වරට අක්ෂි රෝහලක් ලෙස වැඩි දියුණු කරමින් මෙහි පළමු යානාව නිපදවා තිබුනේ 1980 වසරේදීයි. ඉන්පසුව 1994 වසරේදී DC-10 ගුවන් යානාවක් තුළ එම රෝහල ඉදිකොට එය යාවත්කාල කරනු ලබනවා.

විටින් විට යාවත්කාල වූ මේ පියාඹන ඇස්රෝහල 2016 වසරේදී පින්තූරයේ දැක්වෙන MD-10 යානාව තුළට ගෙන එනු ලබනවා. මේ වන විට ඒ තුළ ලොව නවීන අක්ෂි ශල්‍ය උපකරණ පවා සවිකොට තිබෙනවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරු බොහෝ ගණනක් සේවාව සපයන මෙම යානාව අයිති වන්නේ ලාබ නොලබන ඇමරිකාවු රාජ්‍ය නොවන සංවිධානයක් වූ සුපක්‍රට ඕර්බිස් Orbis සංවිධානයටයි.

සංවිධානයේ නාමයෙන්ම නම් කොට ඇති මෙම ගුවන් යානාව නිපදවීමේ මූලික අරමුණ වී තිබෙන්නේ ලොව වටා ඇති දුප්පත් රටවල් සොයා යමින් එම රටවල ජීවිත් වන දිළිඳන්ගේ අක්ෂි රෝග සුවපත් කිරීමයි. අතින් වියදම් කරමින් ලොව වටා ගමන් කරන මෙම ඕර්බිස් යානාව නිසා නොමිලේම තම දෑස් සුවපත් කොට ගත් දිළිඳු රෝගීන් ප්‍රමාණය මේ වන විට මිලියන 2කට අධික වනවා.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button