දේශීය

ශ්‍රී ලංකාව තුළ ළඟදීම MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න අපි සුදානම්

- ඇලිස් ජේ වේල්ස්

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස්, කලාපයේ චීන ක්‍රියාකාරකම් ගැන පසුගියදා වොෂිටන් නුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කළාය.

විවිධ ශක්‍යතා අධ්‍යයනයන් පුන පුනා ප්‍රතික්ෂේප කළද හම්බන්තොට වරාය සඳහා චීනය විසින් ඩොලර් බිලියනයකට අධික මුදලක් රජයට ණයට දුන් බවත්, ඩොලර් මිලියන 104ක විදුලි සංදේශ කුළුණක් සහ මත්තල ඩොලර් මිලියන 209 ක වියදමින් ඉදිකරන ලද ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඇතුළුව චීන ව්‍යාපෘති බොහොමයක් භාවිතයට නොගෙන ඇති බවත්, ශ්‍රී ලංකාවේ දැකගත හැකි බවයි ඇලිස්.ජේ වෙල්ස් පවසන්නේ.

“එවැනි ආර්ථික පදනමක් නැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහෙනවා. ඒ වගේ ප්‍රධාන සම්පතක් නිසා ස්වාධිපත්‍යය දියාරු වූ එකම රට ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි. අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදීම ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ හරහා ඉඩම් ලියාපදිංචි කිරීම හරහා ආර්ථික වර්ධනය පුළුල් වෙනවා.”

යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button