දේශීය

උතුරේ මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් සමඟින් ප්‍රධාන සැමරුම හෙට

අද(26) දිනට යෙදී ඇති වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපත සැමරීම සහ මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිකිරීම වෙනුවෙන් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇතැයි උතුරු පළාතේ ආරක්ෂක අංශ වාර්තා කරයි.

පසුගිය 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතියක් ප්‍රකාශයට පත්කරමින් මෙම සැමරුම් සිදුකෙරේ.

උතුරේ දෙමළ දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන මෙම සැමරුම් සඳහා මූලිකත්වය ගෙන ඇති අතර යාපනය දිස්ත්‍රික්කය තුළ පමණක් මහවිරු සැමරුම් 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇත.

මෙහි ප්‍රධාන සැමරුම හෙට(27) දිනයේ දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 7000ක් පමණ මිහිදන් කර තිබෙන කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම යාපනය විශ්ව විද්‍යාලය, කයිඩස් සාටි වෙරළේ පිහිටි එල්.ටී.ටී.ඊ සුසාන භූමිය, කෝපායි හි පිහිටි යුද හමුදා 51වන සේනාංකය ඉදිරිපිට, වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් වැල්වැටිතුරෙයි නිවස ඇතුළු ස්ථාන රැසකදී හෙට දිනයේ මහවිරු සැමරුම් සිදුකිරීමට නියමිත බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button