දේශීය

සේනා යලිත් කරලියට

සේනා දළඹු උවදුර යළිත්, බඩ ඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක 4කින් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ වන විට එය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවකින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පළමු වරට හමු වූ සේනා දළඹු විශේෂය මාසයක් පමණ කාලය තුළ බඩ ඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක කිහිපයකම සීග්‍රයෙන් ව්‍යාපත් වූ අතර ඉන් හෙක්ටයාර 80,000ක පමණ බඩ ඉරිඟු වගාබිම් ප්‍රදේශයක් විනාශ වූ බව කෘෂිකර්ම නිළධාරීන් සඳහන් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button