සමාජ

ලෝකයේ අංක එකේ ‘ප්ලාස්ටික්’, පරිසර දූෂකයා “කොකාකෝලා”

ලෝකයේ විශාලතම ප්ලාස්ටික් පරිසර දූෂකයා ලෙස කොකාකෝලා යලිත් වරක් නම් කරන ලදී.

අඛණ්ඩව දෙවන වසර සඳහාත් මෙම නම් කිරීම සිදුවී ඇත.

මෙම සමීක්ෂනය සිදුකල පාරිසරික කණ්ඩායමට රටවල් 51ක ස්වේච්ඡා සේවකයන් 72,541ක් සැප්තැම්බර් මාසයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කර ඇති අතර, ඔවුන්ගේ සමීක්ෂණය පරිදි ලොවපුරා පාරිභෝගික වෙළඳ නාම 43ක් පාරිසරික අපද්‍රව්‍ය මුදාහරින සමාගම් ලෙස හඳුනාගෙන ඇත. ඒ අතරින් ලොව පුරා රටවල් 37 ක කොකාකෝලා නිෂ්පාදන 12,000ක් පමණ සොයාගෙන ඇති අතර ඒ අනුව කොකාකෝලා අංක ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එක් කරන අංක එකේ පරිසර දූෂකයා ලෙස හඳුනාගෙන ඇත.

දෙවැනි තැනට නම්වී ඇත්තේ නෙස්ලේ සහ පෙප්සිකෝ සන්නාමයන් ය.

කොකාකෝලා සමාගම පවසන්නේ,

“කොකාකෝලා නිෂ්පාදන භාවිත කරන අය බොහෝවිට කොකාකෝලා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට දානවා, නැතිනම් ඒවා පාරේ විසි කරලා යනවා. ඒවා අදාළ ස්ථානවල දමන්නේ නෑ. ඒ නිසා ඒ විනාශයට අපට වගකියන්න බැහැ…”

ලෙසයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button