දේශපාලන

මහින්දගේ උපන් දිනයට සුබ පතමින් ගෝඨා වැඩ අරඹයි !

ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (18) අග විනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දිව්රුම් දුන්නේය. ඒ අනුරාධපුරයේ රුවන්වැලි සෑය අභියසදී ය.

ඉන්පසුව නව ජනාධිපතිවරයා ලෙස ජාතිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ සිය වැඩිමහලු සහෝදරයා වන මහින්ද රාජපක්ෂට විශේෂයෙන් උපන් දින සුබ පැතුම් එක් කිරීම කැපී පෙනුණු කරුණකි.

රටේ යහපත සඳහා ඕනෑම අවස්ථාවක විධායක බලතල ක්‍රියාත්මක කරන්නට පසුබට නොවන බවත්, ශක්තිමත් නව රජයක් කඩිනමින් පිහිටුවන බවත් මෙහිදී නව ජනාධිපතිවරයා අවධාරණය කළේය. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැප වන බවත්, නීතිය සහ යුක්තිය තහවුරු කෙරෙන රාජ්‍යයක් බිහි කරන බවත් සඳහන් කළ නව ජනාධිපතිවරයා, ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ඉටු කරන බවත් පැවසීය. එසේම සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ ද, ඒ කිසිදු රටක බලය සම්බන්ධ ගැටුම් වලට හවුල් නොවන බවත්, එවැනි කටයුතුවලට ඉඩ නොදෙන බවත් මෙහිදී නව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම කිසිදු අවස්ථාවක දුෂණයට ඉඩක් ලබා නොදෙන බවත්, විනයගරුක සමාජයක් ගොඩ නගන බවත් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button