දේශපාලන

“ගෝඨාගේ තැපැල් ඡන්ද ජයග්‍රහණය බොරුවක්….” බැසිල්ගේ සැලසුමක්….

2019 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ සතු වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට පොහොට්ටු කඳවුර කටයුතු කරමින් හිඳියි.

වාර්තා වන පරිදි බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් එය සිදුවෙමින් තිබේ.

වැඩි ජන්ද ලක්ෂ දෙකක වැනි ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර ඇති බවට පොහොට්ටු කඳවුර සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සිටියද මේවන විටත් ජන්ද ගණන් කිරීමේ කටයුතුවලින් 25%ක් වත් අවසන් වී නොමැති බවයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර ඇති බව පවසමින් ජන්ද ගණන් කිරීම් ඇතුළු මැතිවරණ රාජකාරීවල නිරත පිරිස මානසිකව අධෛර්යමත් කරමින් වාසිය ඔවුන්ගේ පැත්තට හරවා ගැනීමට රාජපක්ෂවරු අසාර්ථක උත්සහයක් ගනිමින් සිටිති.

රාජපක්ෂ කඳවුරට හිතවත් සමාජ මාධ්‍ය හරහා විවිධ ඉලක්කම් පෙන්වමින් නිල නොවන ප්‍රථිපලයක් සමාජ ගත කරමින් සිටීම මෙකි මානසික මෙහෙයුමේ තවත් කොටසකි.

2015 ජනාධිපතිවරණ ප්‍රථිපල බලාපොරොත්තුවෙන් සිටි කාලය තුළද මෙවැනිම මෙහෙයුමක් දියත් වූ නමුත් යථාර්තය ඉඳුරාම වෙනස් පණිවිඩයක් ගෙන ආවේ සියලුම අසත්‍ය ප්‍රචාර සහමුලින්ම බැහැර කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button