දේශපාලන

ඡන්දෙ ‌දෙන්න බුරුතු පිටින් පිටරටින් ‌එනවා කියන එකත් පොහොට්ටුවේ ‌බොරුවක් – ‌මෙන්න සාක්ෂි

එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලංකිකයන් අති විශාල පැමිණෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ප්‍රචාරයක් ගෙනගියද පසුගිය සාපේක්ෂව එලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණිමේ කිසිඳු වැඩිවීමක් නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේකන දත්ත අනුව පැහැදිලි වේ.

2019 නොවැම්බර් මාසයේ ගතවූ පළමු දින 11 දී මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රී ලංකිකයන් සංඛ්‍යාව 39,553 කි. පසුගිය වර්ශයේ නොවැම්බර් මාසයේ පළමු දින 11 දී මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රී ලංකිකයන් සංඛ්‍යාව 38,325 කි. 2019 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 11 දී මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රී ලංකිකයන් සංඛ්‍යාව 39,004කි.

2018 ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණි පූර්ණ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 115,128ක් වන අතර ද්විත්ව පුරවැසියන් සංඛ්‍යාව 2,073කි. 2018 ඔක්තෝබර් මාසයේ දී මෙරටට 110,297ක් ශ්‍රී ලාංකිකයන් පැමිණ ඇති අතර ද්විත්ව පුරවැසියන් 2,346ක් පැමිණ ඇත.

මෙම සංඛ්‍යා ලේඛණ පරීක්ෂාකර බැලීමේදී පෙනී යන්නේ ජනාධිපතිවරණසේ දී තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂයෙන් මෙරටට ශ්‍රී ලාංකිකයන් පැමිනීමේ ප්‍රවණතාවක් දක්නට නොලැබෙන බවයි.


2019 නොවැම්බර් මාසය 01 දා සිට 11 දා දක්වා

ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම – 39,553
ද්විත්ව පුරවැසියන්ගේ පැමිණීම – 809

2018 නොවැම්බර් මාසය 01 දා සිට 11 දා දක්වා

ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම – 38,325
ද්විත්ව පුරවැසියන්ගේ පැමිණීම – 723


2019 ඔක්තෝබර් මාසය 01 දා සිට 11 දා දක්වා

ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම – 39,804
ද්විත්ව පුරවැසියන්ගේ පැමිණීම – 742

2018 ඔක්තෝබර් මාසය 01 දා සිට 31 දා දක්වා

ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම – 115,128
ද්විත්ව පුරවැසියන්ගේ පැමිණීම – 2,073


2019 ඔක්තෝබර් මාසය 01 දා සිට 31 දා දක්වා

ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම – 110,297
ද්විත්ව පුරවැසියන්ගේ පැමිණීම – 2,346

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button