දේශපාලන

“මල්ලි පැරදුනොත් අපි ඇමරිකා යනවා”

- බැසිල් රාජපක්ෂ

නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා සහ එහි නිර්මාතෘවරයා සිය වාසභූමිය ලෙස තෝරාගෙන තිබෙන ඇමරිකා එක්සත් ජනපදය බලා පෙරලා යාමට සැලසුම් කර ඇත.

යම් හෙයකින් ජනාධිපතිවරණය පරාජයට පත්වුවහොත් ඇමරිකාව බලා යාමේ අපේක්ෂාව පලකළ බැසිල් රාජපක්ෂ අද (13) පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ අධිකරණය ඊට සීමා පනවා ඇති බවයි. එම මාධ්‍ය හමුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළදා සිට බැසිල් රාජපක්ෂ සහභාගී වුනු පළමු සහ අවසන් මාධ්‍ය හමුවයි.

එහිදී,

හදිසියෙවත් මැතිවරණය පරාද වුනොත් ඇමරිකාවට යනවද ඔබතුමා පහුවදා….? ලෙස මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට බැසිල් රාජපක්ෂ පිළිතුරු දුන්නේ,

“ඔව්…. මට යන්න අවසර දුන්නොත් තමයි…. හැබැයි යන්න දෙන්නෙ නෑනේ උසාවියෙන්…. උසාවියෙන් අවසර ගන්න ඕනේ. මටත් එහෙමයි ගෝඨාභය සර්ටත් එහෙමයි” යනුවෙනි.

ඔහුට ශ්‍රී ලංකාවේ නඩු පැවරී ඇති අතර ඔහුගේ සහෝදරයාට උපන් රටේ මෙන්ම තෝරාගත් රටෙත් නඩු පැවරී තිබේ.


වීඩියෝව ceylonnews.lk ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button