දේශීය

SB දිසානායකගේ රථ පෙළ අවහිර කළ පිරිසකට SBගේ ආරක්ෂකයෝ වෙඩි තියයි – දෙදෙනෙකුට තුවාල

අද(06) රාත්‍රී 8.30 ට පමණ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණසේකර පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගේ රථ පෙළ අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වන බව යි.

වෙඩි තැබීමෙන් පසුව එස්.බී. දිසානායකගේ රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

තුවාල ලැබු දෙදෙනා මේ වනවිට කරවනැල්ල නැලිගම රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button