දේශපාලන

ගෝඨාගේ තවත් අපරාධයක් මෙන්න

අධිකරණය ඉදිරියේ තහවුරු වන්නටත් පෙර, කෙසෙල් කැන් කැපීමක් සම්බන්ධයෙන් ඔබව සැකපිට අත්අඩංගුවට ගැනීම සිදු වේ. ප්‍රශ්න කිරීම් හා යුක්තිය පසිඳලීමට අදාළ සියලු කාරණා සිදු වන්නේ ඉන්පසුව ය. පොලිසිවල තාප්ප ගලවා මල් වැව්වාට තවදුරටත් කෙසෙල් කැන් හොරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන්නේ පරණ ක්‍රමයටම ය.

කෙසෙල් කැන් හොරකම් කතාව අමතක නොකර, ඔබ කීත් නොයාර්ගේ කතාව දැනගත යුතුය. මේ ඡන්දයෙන් පසු ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන බව කියන ගෝඨාභය රාජපක්ෂලා ‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන් කතාවයි.

දෙදහස් අටේ මැයි විසි දෙවැනි දින දෙහිවල, වෛද්‍ය පාරේදී කීත් නොයාර්ව පැහැරගත්තේය. ඉන්පසු පුවත්පතේ පළ කිරීමට තොරතුරු ලැබෙන ආකාරය විමසමින් ඔහුට බරපතළ ලෙස පහර දී තිබේ. යුද හමුදා බුද්ධි අංශය මගින් මල්වානේ පවත්වාගෙන ගිය වධකාගාරයකදී මේ පහරදීම් සිදු වන විට එක් නිශ්චිත දුරකතන ඇමතුමක් පැමිණ ඇත. ඉන්පසු කීත් නොයාර් නිදහස් කෙරිණි.

ඔබ දැනගත යුතුය. මේ අධිකරණය ඉදිරියේ අනාවරණය වුණු ඒ දුරකතන ඇමතුම් පිළිබඳ කතාවයි. ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට මේ පැහැරගැනීම පිළිබඳ දැනුම් දීමෙන් පසු අභ්‍යන්තරයේ මෙසේ සිදු විය.

  • රාත්‍රී එකොළහයි තිස් හයට ගෝඨාභය රාජපක්ෂ විසින් එවකට පොලිස්පතිවරයා වූ ජයන්ත වික්‍රමරත්නට දුරකතන ඇමතුමක් ලබා ගනියි.
  • රාත්‍රී එකොළහයි තිස් නවයට ගෝඨාභය රාජපක්ෂ විසින් එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දාවිතාරණට දුරකතන ඇමතුමක් ලබා ගනියි.
  • රාත්‍රී එකොළහයි හතළිස් එකට ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ විසින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකරට දුරකතන ඇමතුමක් ලබා ගනියි.
  • රාත්‍රී එකොළහයි හතළිස් හතට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් යුද හමුදා බුද්ධි බලකා කඳවුරක් වන ට්‍රිපොලි කඳවුරට දුරකතන ඇමතුමක් ලබා ගනියි.
  • රාත්‍රී එකොළහයි හතළිස් අටට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ට්‍රිපොලි කඳවුරේ අණදෙන නිලධාරි මේජර් බුලත්වත්තට දුරකතන ඇමතුමක් ලබා ගනියි.
  • මේජර් බුලත්වත්තගේ දුරකතනය ඒ මොහොතේ ක්‍රියාත්මක වී ඇත්තේ මල්වාන දුරකතන කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ ය. කීත් නොයාර් පැහැරගෙන ගියේ ද මල්වානට ය.

යළිත් කිව යුතුය. කෙසෙල් කැන් කැපීම අපරාධයක් වුවද, කීත් නොයර් පැහැරගැනීම එසේ නොවේ. මෙතරම් සාක්ෂි තිබියදී ඔවුන් වසර හතරක් පුරා වර්තමාන ආණ්ඩුවේ ආදර – සත්කාර ලැබුවේ ඒ නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button