දේශීය

“ලසන්ත වික්‍රමතුංග ඝාතනය ‘රාජපක්ෂ රජය’ විසින් සිදු කළ බව තහවුරු වෙයි”

අහිම්සා වික්‍රමතුංග විසින් එක්සත් ජනපදයේදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොණු කරන ලද නඩුව ඉවත දැමීම සඳහා රාජපක්ෂගේ නීතිඥයන් විසින් ගොනු කරන ලද ප්‍රතිචාරය

  • ගෝඨාභයගේ නීතිඥයන් සඳහන් කරන පරිදි ලසන්තගේ ඝාතනය ‘රාජ්‍ය ක්‍රියාවක්’ වන අතර, එහිදී ඔහු විසින් කරන ලද කාර්ය අයත් වන්නේ ‘රාජකාරි කටයුතු’ ලෙසය
  • ඒ පදනම මත ගෝඨාභය ‘විදේශ නිළධාරියෙකු’ ට හිමි නෛතික විනිර්මුක්තිය ඉල්ලා සිටියේය (ඇමරිකාවෙන්)
  • අහිම්සා කියා සිටියේ, ගෝඨාභය එහිදී ‘රාජකාරි කටයුත්තක්’ සිදු කළා වුවද, ඔහු ඇමරිකානු පුරවැසියෙකු බැවින්, ඇමරිකානු අධිකරණ වලින් ඔහුට බේරී සිටීමට පදනමක් නොමැති බවයි
  • අධිකරණය අවසානයේදී තහවුරු කලේ, ලසන්ත ඝාතනය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවූවක් බවත්, ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය මතභේදයට තුඩු දී තිබුණද, එහිදී විදේශ නිළධාරියෙකු ලෙස ඝෝඨාභය රාපක්ෂට ඇමරිකාව තුළ විනිර්මුක්තිය හිමි බවත්ය.
  • මෙහි හරය ගෙන බලන කල, ඇමරිකානු අධිකරණය ගෝඨාභය නිර්දෝෂි බව කියා නැත. ඔවුන් කියන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ශ්‍රී ලංකාවේ රජය විසින් කරන ලද්දක් වන අතර, ගෝඨාභය ශ්‍රී ලංකා රජයේ නිළධාරියෙකු නිසා, ඔහුට එහිදී විනිර්මුක්තය හිමිවන බවයි.

අහිම්සා පවසන අන්දමට ඇය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නීය. “මාධ්‍යවේදියෙකු, ඔවුන්ගේ වාර්ථාකරණය හේතුවෙන් මරා දැමීම ‘රාජ්‍ය ක්‍රියාවක්’ නොවන බව” ඇ‍ය කියයි.

අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂට මාධ්‍යවේදීන් මරා දමන්නට බළපත්‍රයක් අවශ්‍ය නම්, එය ඇමරිකාවේදී කරගන්නා ලෙසය. මෙරට තුළ අප මේවා ඉවසන්නේ නැත.


අජිත් පී. පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button