දේශපාලන

‘ගෝඨා හමුදා සෙබළුන්ගෙන් ගුටි කාපු හැටි’ ෆොන්සේකා හෙළිදරව් කරයි

යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් පසුගියදා(18) සිදු කරන ලදී.

රෙජිමේන්තු 4ක ඉඳපු එකම හමුදා නිලධාරියා ලෙස ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තබා ඇති බව ඔහු පවසා සිටියා. සිංහ රෙජිමේන්තුවෙ සිටියදී එතුමාට ඉතාම අප්‍රසන්න අත්දැකීමක් ලැබුන බවත් ගෝඨාභය මහතා සෙබළුන්ගේ මානුෂීය අයිතිවාසිකම් හා සුබසාධනය ගැන කතා කරන හෙයින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙමෙ හෙළිදරව්ව කරන බවත් එහිදී කියා සිටියා.

සෙබළෙක් පොළොන්නරුවේ සුදුකන්ද කැලෑබද දුෂ්කර ප්‍රදේශයක පපුව රිදීමක් ඇති වී බිම වැටුන විටක ගෝඨාභය විසින් අනෙක් සෙබළුන්ට බිම වැටුන සෙබළා බිමදිගේ ඇදගෙන යන ලෙස පවසා ඔහුට පයින් ගසමින් පසු පසින් ගමන් ගන්නා විට කෙටි දුරක් යාමේදී එම සෙබළා මිය ගිය බව සඳහන් කරනු ලැබුවා.

ඉන් පසු සෙබළුන් වටවී ගෝඨාභයට පහර දුන් බවටත් එහිදී ඔහු පලා ගිය බවද සඳහන් කරනු ලැබුවා. එසේ පලා ගොස් මාසයක් පමණ නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේ සැඟවී සිටියදී, සෙබළු එම නිවසටත් ගොස් පහර දුන් බවද ඉන් පසු ඔහු නැවත සිංහ රෙජිමේන්තුවට වාර්තා නොකළ බවද සඳහන් කරනු ලැබුවා.

සජිත් ප්‍රේමදාසට විරුද්ධව ඡන්දයට ඉදිරිපත් වී ඇති ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබන බවත්. 20 වසරක සේවය අවසන් කල වහාම පෞද්ගලික හේතු මත බව පවසමින් සේවයෙන් ඉවත්ව ගියේ එවකට ආරක්ෂක ඇමති රංජන් විජේරත්න විසින් යුද්ධයේදී සිදු වූ සිද්ධීන්වලට ගෝඨාභයව යුද්ධාධිකරණයක් හමුවට ගෙන යාමට තීරණයක් ගෙන ඇති මොහොතක එසේ නොකරන ලෙස බැගපත් වූ ඔහු එය පැවසීමට ලජ්ජා වූ බැවින් පෞද්ගලික හේතු මත පවසමින් මෙලෙස විශ්‍රාම ගිය බවත් සඳහන් කලේ ය.

එසේම පොදු ජන පෙරමුණේ ඇතැමුන් කියන ආකාරයට තමන්ට ගෝඨාභය රාජපක්ෂ අණ නොදුන් බවත් යුද්ධ සැලසුම් සියල්ල සකස් කරමින් ක්‍රියාත්මක කළේ තමන් විසින් බවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඒවා කළ නොහැකි බවත් සරත් ෆොන්සේකා මෙහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button