දේශීය

යාපනයට ගඟක්

යාපනය අර්ධද්වීපය තුළ ගංගා නොමැති බැවින්, එහි ජල හිඟය මඟහැරවීම හා වඩමාරච්චි කලපුවට මායිම්ව පිහිටි ළිංවල ලවණතාවය අඩු කිරීම, එම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන ජල සම්පාදනය වසරකට මිරිදිය ජල ඝනමීටර මිලියන 08ක ප්‍රමාණයකින් ඉහළ නැංවීම, මිරිදිය ජල සුලභතාවය ඇති කිරීම මඟින් පානීය හා ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය ජල සැපයුම ඉහළ නැංවීම අරමුණු කොටගෙන අදියර දෙකකින් යුත්, වසර පහක (05) ව්‍යාපෘතියක් ලෙස ‘යාපනයට ගඟක්’ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

ප්‍රයෝජනයට ගනු නොලැබූ හෙක්ටයාර් 12,610ක් සහ වී, කෙත්වතු භෝග, වැවිලි භෝග හා තණබිම් සහිත හෙක්ටයාර් 1,315ක් සංවර්ධනය කිරීමට එමඟින් සහාය ලබා දෙනු ඇති අතර 300,000කට අධික ජනතාවක් ප්‍රතිලාභ ලබනු ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය රුපියල් මිලියන 3,609 ක පිරිවැයකින් යුතු ව ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button