දේශපාලන

“ගෝඨා තවමත් ඇමරිකන් පුරවැසියෙක්”

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ, පිළියන්දල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලයේ රැස්වීමකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“රාජපක්ෂලා අද ලොකුවට කතා කරන ඒවා මොනවද? පළවෙනි එක දේශපේ‍්‍රමය, ඒ අය දේශපේ‍්‍රමී අපි දේශද්‍රෝහීයි. එය තමයි ලොකුවට කියාගෙන යන්නේ. දැන් මොකද්ද මේකේ තත්ත්වය.

ගොඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ඇමරිකන් පුරවැසියෙක්. එයින් ඉවත් වෙනවා කියලා එතුමා ප‍්‍රකාශ කළ බව ඇත්ත.

හැබැයි ඇමරිකන් රජය තවම නිල නිවේදනය නිකුත් කළේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි කියලා.

එතුමා ඇමරිකන් පුරවැසිකම ගත්තහම කොහොමද කිව්වේ දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඇමරිකාව රකිනවා කියලා පොරොන්දු වෙලා තමයි ගෝඨාභය රජපක්ෂ මහත්මයා දිවුරුම දීලා ඇමරිකන් කොඩිය රකින්න තමයි ඒ පුරවැසිකම ගත්තේ.

හම්බන්තොට හැදී වැඩුනු ගෝඨාභය ලොස් ඇන්ජලීස්වලට ගිහින් එතනින් ඇමරිකන් පුරවැසිකම ගත්තා. දැන් ඇමරිකන් පුරවැසිකම එතුමාට දෙවෙනි උනේ මොනවටද?

එතුමන්ලාගේ පවුලේ වරිග සභාව උදේට හමුවෙලා ඒ වරිග සභාවේ තීරණ කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා පසුගිය අපේ‍්‍රල් මාසයේ දී.

එතකොට තමයි එතුමා ඇමරිකන් පුරවැසිකම අතහැරියේ. ඒ කියන්නේ ඇමරිකන් පුරවැසිකම දෙවෙනි වෙන්නේ ලංකාවේ ජනාධිපතිධූරයට විතරයි.

අන්න එතුමාගේ දේශපේ‍්‍රමය. යුද්ධය අවස්ථාවේදී මට යුද්ධ කරන්න බැහැ මානසික ප‍්‍රශ්නයක් තිබෙනවා කියලා රටෙන් ගිය මිනිහා ඒක අතහැරියේ රටේ ජනාධිපතිවෙන්න බලාගෙන. මේකට ලොකුවටම සතුටු වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ඇමරිකන් කාරයෝ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button