පුරවැසි කොළම

‘ගල්කන්දේ ධම්මානන්ද’ කියන්නෙම ප්‍රේමයක්….

බෞද්ධ භික්ෂුව සහ ප්‍රේමය අතර තියෙන්නෙම අහස හා පොළොව වගේ පරතරයක්. මොකද ප්‍රේමය කියන වචනයම මහණකම සහ ඒ සංස්කෘතිය එක්ක සෑහෙන්න දුරස් කරනවා. අන්න ඒ සංස්කෘතිය එක්ක ජීවත්වන බොහෝමයක් හාමුදුරුවරුන්ට ප්‍රේමය කියන වචනයත් ඇලජික්….

ජීවිතයම දුකක් කිය කියා කවදාවත් නොදැකපු දෙයක් දුක් විඳගෙන හොයන්න ඒ දුක සැපක් කියලා හිතාගෙන, ඒ හිතළුව තමන් වටේ ඉන්න පිරිසටත් පොවාගෙන කොහේදෝ ගමනක් යන්න හදනවා විතරයි, මට නම් පෙන්නේ….

හැබැයි එයාලාගේ වැට මායිමෙන් එහා ලස්සන ලෝකයක්, විඳින්න පුළුවන් ලෝකයක් මිනිස්සුන්ට, සමස්ථ සොබාදහමටම ප්‍රේම කරන්න පුළුවන් ලෝකයක් තියෙනවා කියලා එක්කෝ එයාලා දන්නෙ නැහැ, නැත්නම් දන්නවා වුනත් ඒ සුන්දරත්වයත් දුකක් කියලා හිතාගෙන ඒ සතුට විඳින අයට වෛර කරනවා කියලා මට හිතෙනවා….

නිකමට බලන්න දලයි ලාමා දිහා…. කොච්චර ජීවිතය විඳිනවද….

ගල්කන්දේ ධම්මානන්ද කියන්නේ ශ්‍රී ලංකාවේ දලයි ලාමා විදියටයි මම දකින්නේ. උන්වහන්සේ ජීවිතය විඳිනවා, නොදැකපු දෙයකට වඩා මේ මහපොළොවේ ප්‍රේමය ජීවත් කරවන්න තමන්ට පුළුවන් උපරිමයෙන් උන්වහන්සේ කටයුතු කරනවා. ටිකක් හිතන්න, පාරවල් වලට බැහැගෙන ජාතිවාදය, ආගම්වාදය අවුස්සගෙන අනිත් එකාගේ එක වැරදියි අපි තමා හරි කියාගෙන ප්‍රශ්න ඇතිකරන සිවුරු රඳවනවලට වඩා, ඔයත් එන්න, ඔයත් එන්න අපි හැමෝම එකතු වෙලා එකා වගේ හිතමු කියන එක කොච්චර ලස්සනද…. ඇත්තටම මේ රටේ අඩුවකට තිබුනේ මෙන්න මේ වගේ කිහිප දෙනෙක් විතරයි. අපි වෙනම කියාගෙන ජීවත් වෙනවට වඩා ඒ වෙන් වුනු කට්ටිය එකතු කරන්න ඒ ඒ අයගෙන් කිහිප දෙනෙක් බිහි වුනා නම් මේ රට සුරපුරයක් වෙනවා සත්තයි….

මට හිතෙන්නේ මෙච්චරයි. ප්‍රේමය තමයි අත්හැරීම කියන්නේ. තමන්ව අත්හැරගෙන අනිත් කෙනා වෙනුවෙන් ප්‍රේම කලාම එතැන මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ අනිත් කෙනා මට අනුව නම් ඔබ…. ඔබ කවුද කියන එක නෙමෙයි මට අදාළ….

ඉතින්, ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ කියන විදියට මේ රට සුවපත් කරන්න ඕනේ…. ඒ එක එක ජාතීන්ට ආයුධ අතට දීලා බෙදලා නෙමෙයි…. ඔවුන් අතේ තියෙන කඩු, ආයුධ නගුල් බවට පත් කරලා….

එතකොට තමයි පුළුවන් වෙන්නේ ඔබගේත් මගෙත් හදවතේ ප්‍රේමය වෙනුවෙන් පුංචි කුටියක් තනන්න. අන්න එතනදී පුළුවන් මේ ලෝකයටම නිදහසේ ප්‍රේමයෙන් ලැගුම් ගන්න….

ඉතින්,
ගල්කන්දේ ධම්මානන්ද කියන්නෙම ප්‍රේමයක්….

අහෝ දෙවියනී….! මේ සා විසල් ප්‍රේමයක්….


රවිඳු ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button