දේශීය

සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලයි

ඉදිරි මැතිවරණ වලදී සිරකරුවන් හට ජන්දය භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබේ.

සිරකරු අයිතීන් සුරැකිමේ කමිටුව විසින් ගොණු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එම කොමිසමේ සාමාජිකයන් හතර දෙනා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නම් කර ඇත.

මැතිවරණ වලදී බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට ජන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ.

එබැවින් සැකකරුවන් ලෙස බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයන්ට හා අවුරුදු 2කට නොවැඩි දඬුවම් ලබා සිටින සිරකරුවන්ට ජන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම ගොණු කර බවයි එම කමිටුවේ කැඳවුම්කාර සුදේශ් නන්දිමාල් සිලෝන් නිව්ස් කළ විමසීමක දී කියා සිටියේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට සිය ජන්දය පාවිච්චි කිරීමට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසමට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙත නියෝග නිකුත් කරන ලෙසයි සිරකරු අයිතීන් සුරැකිමේ කමිටුව වැඩි දුරටත් සිය පෙත්සමින් ඉල්ලා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button