සමාජ

අපගේ සහෝදරයාට ඔබගේ සහය දෙන්න

YouTube හරහා රැට්ටා ලෙස අතිශය ජනප්‍රිය වුණු රතිඳු සේනාරත්නගේ YouTube Channel එක ඇතුලු Google Services සියල්ලම මේ වනවිට අක්‍රිය වෙලා කියලා අපිට දැනගන්න ලැබුනා.

රැට්ටා කියන්නේ හිත හොඳ කොල්ලෙක්. විකාර, අප්‍රිය වීඩියෝ කෑලි අතරේ විනෝදයට යමක් කරපු බොහොම දක්ෂ කොල්ලෙක්. ඒත් මොකක් හරි හේතුවකට රැට්ටාගේ චැනල් එක අක්‍රිය වෙලා තියෙනවා.

ඒ නිසා අලුත් YouTube Channel එකක් හරහා වීඩියෝවක් නිකුත් කරමින් රැට්ටා කිව්වේ, ඔහුගේ ගිණුම් අක්‍රිය වීමට හේතුව තවමත් සොයාගෙන නැහැ කියලයි, අදාළ YouTube Channel එක ඇතුලු Google Services තමන් වෙත නැවත ලබා ගැනීමට උත්සහ කරනවා කියලත් ඔහු කිව්වා.

අවස්ථාවෙන් ඉතාම ප්‍රාථමික විදියට ප්‍රයෝජන ගන්නා, අනුන්ව කොපි කරලා ගොඩ යන්න හදන රැලක් Ratta නමින් ව්‍යාජ YouTube Channel කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් පහත Button එක හරහා ඔහුගේ අලුත් YouTube Channel එක Subscribe කරන්න ඔබට පුළුවන්කම තියෙනවා.

රැට්ටාගේ අලුත් YouTube Cbannel එකට මෙතැනින් යන්න

මඩ, අපහාස, බොළඳ විකාරවලින් තොර හුදෙක්ම විනෝදය සඳහා පමණක් වුනු ඔහුගේ උත්සාහයට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස හිතවතුන් ලෙස ජනයුගය මාධ්‍ය කණ්ඩායම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

One Comment

  1. Ratta is the best and fist such entertainer in Sri Lanka. Unforunatly, some of his creations took a political turn and he used his popularity to spread his political view, that was his downfall

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button