දේශපාලන

යුද්ධේ දින්නා කිව්වට – ගෝඨා උතුරට බයයි

ඉදිරි ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දිවයින පුරා යන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක හේතුමත උතුරේ අධිකරණයකට ඉදිරිපත් වීමට නොහැකි බව අභියාචනා අධිකරණයට දන්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ අතුරුදහන්වු මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කූගන් වෙනුවෙන් යාපනයේ ගොණු කර හබයාස්කෝපුස් පෙත්සමට අදාළව එම අධිකරණයේ පෙනී සිටිය නොහැකි බවට ඔහු විසින් අභියාචනා අධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇත්තේ ආරක්ෂාව තහවුරු වී නොමැති බව පවසමිනි.

එල්ටීටීඊය පරාජය කළ සමයේ තමන් ආරක්ෂක ලේකම් වශයෙන් සිටි බැවින් ආරක්ෂක හේතුන් මත යාපනය අධිකරණයේ පෙනී සිටිය නොහැකි බව සදහන් කරමින් ⁣ගෝඨාභය රාජපක්ෂ පෙත්සම ගොණු කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට 27 සිකුරාදා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් නිකුත් කළ සිතාසිය අත්හිටුවමින් අභියාචනාධිකරණය 24 අඟහරුවාදා නියෝගයක් නිකුත් කළේය.

උතුරු නැගෙනහිර හැර අනෙක් ඕනෑම අධිකරණයකදී ගෝඨාභය රාජපක්ෂ හට එම නඩුවට අදාළව සාක්ෂි ලබා දීමට හැකි පරිදි වන නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button