දේශීය

හොර ඡන්ද වැලක්වීමට මැතිවරණ කොමිසමෙන් මෙහෙයුමක්

මෙවර ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා 2018 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමෙන් පසු මියගිය හෝ විදේශගත වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව 2018 ජුනි 30 වැනිදාට පසුව මියගිය හෝ විදේශගත වූ හෝ පුද්ගලයන් පිළිබඳ ග්‍රාම නිලධාරිවරුන් හරහා විස්තර ලබා ගැනීමට කටයුතු යොදා ඇති අතර මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ද දැනුවත් කර තිබේ. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති ඉඩකඩ යටතේ සිදු විය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා එම විස්තර කඩිනමින් ලබා ගැනීමට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට උපදෙස් ලැබී තිබේ.‍ ඉදිරි ජනාධිපතිවරණය සඳහා 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය යොදා ගැනෙන අතර එහිදී ඡන්ද අවභාවිතය වැළැක්වීම සඳහා මියගිය හා විදෙස්ගත ඡන්ද දායකයන්ගේ තොරතුරු එක්රැස් කිරීම සිදු වේ. ඒ අනුව මෙම තොරතුරු ඔක්තෝබර් මස 5 වැනි දිනට පෙර ලබාදිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button