ක්‍රීඩා

තායි බොක්සින් රන්පදක්කම් වෙනුවෙන් තරග කරන්නට අපේ දරුවන්ට ඔබේ සහය ලබා දෙන්න

තායි බොක්සිං ක්‍රිඩාවෙන් ජාත්‍යන්තර රන් පදක්කම් ලබා රටට කිර්තියක් ගෙන ඒම සඳහා දකින සිහිනය සැබෑ කරගන්නට ඇති හැකි ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් හගුරන්කෙත, පල්ලේබෝවල ද්විතික පාසලේ ක්‍රිඩක ක්‍රිඩිකාවෝ ඉල්ලා සිටිති.

මෙම මස (27) වන දා සිට ඔක්තෝම්බර් 6 වන දා දක්වා තුර්කියේ පැවැත්වෙන කනිෂ්ඨ යොවුන් ලෝක ශූරතා තායි බොක්සිං තරගාවලිය සදහා මෙරට පාසල් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 17 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අතරින් එම තරගාවලිය නියෝජනය කිරිම සඳහා අවස්ථාව උදාකරගත් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 6දෙනෙකු මධ්‍යම පලාතේ හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ පල්ලේබෝල ද්විතීයික පාසල නියෝජනය කිරිම විශේෂිතයි. ඒ ඔවුන් 2019 ජාතික තායි බොක්සිං තරඟාවලියේ සමස්ථ ශුරතාවය දිනා ගැනීම නිසායි.

වසර හයක පමණ කාලයක සිට බොක්සිං ක්‍රිඩාවේ නිරත වන මෙම පාසලේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ජාතික සහ අන්තර් ජාතික ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ප්‍රදේශයටත්, පලාතටත් රටටත් කීර්තියක් ගෙන දුන් අවස්ථා බොහෝය.

ඒ අතර 2018 වසරේ යොවුන් ලෝක ශුරතා තායි බොක්සිං තරගාවලිය නියෝජනය කරමින් එක්සත් එමීල් රාජ්‍යයේ දී මැලේසියාව පරාජය කරමින් රිදී පදක්කම දිනාගෙන තිබේ.

මෙවර තුර්කියේ පැවැත්වෙන කණිෂ්ඨ තායි බොක්සිං යොවුන් තරගාවලිය නියෝජනය කරන ක්‍රිඩක ක්‍රිඩිකාවන් 17 න් 6 දෙනෙකු මෙම පාසල නියෝජනය කරන අතර සමස්ත ක්‍රිඩක ක්‍රිඩිකාවන් අතරින් මෙම හයදෙනා පිළිබදව වැඩි විශ්වාසයක් තිබෙන බව පල්ලේබෝවල විද්‍යාලයේ ක්‍රිඩා උපදේශක හා මෙම තරගාවලියේ ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කරන ජමිත ගයාන් බණ්ඩාර මහතා පවසයි.

මෙම දක්ෂතාවය ඵල ගැන්විමට නම් ක්‍රිඩක ක්‍රිඩිකාවන් තරගය සදහා ඉදිරිපත් වීමට එළඹෙන 27 වන දා මෙරටින් තුර්කිය බලා පිටත්ව යායුතුය.

ගොවිතැන ජිවනාලිය කරගත් දෙමාපින්ගේ දරුවන් වන මොවුන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවම පහසුකම් හා අවම සම්පත් මධ්‍යයේ දැඩි දුෂ්කරතා අතරින් දක්ෂතා පෙන්වන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ය.

මේ දක්ෂතාවලින් පිරුණු දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ දරුවන්ගේ දක්ෂතාවයන් සම්බන්ධයෙන් ඉතාම සතුටුවන බවත් තවදුරටත් එම හැකියාවන් වැඩි දියුණු කරමින් ඔවුන් ඉදිරියට යැවීමට හැකි උපරිම සහයෝගය හා ආශිර්වාද ලබාදෙමින් සිටින මුත් ගොවිතැන ජීවනාලිය කරගත් තමන්ට දැඩි ආර්ථික අපහසුතා මත ජිවත්වන නිසා, තරගාවලිය සඳහා මුදල් සොයා දීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බවය.

පාසල් ක්‍රිඩා ආචාර්යවරයාගේ පුහුණු කිරිම් ආශිර්වාදයක් කරගෙන ඇඟේ හයියට වඩා හිතේ ශක්තියෙන් මේතරම් ජයග්‍රහණ ලබාගත් මොවුන්ට දැනට ඇති ප්‍රධානම අභියෝගය තුර්කි තරගාවලියට වියදම් කිරිමට මුදල් සොයාගැනීමය.

ඒ සදහා සියළු ක්‍රිඩකයීන්ට රුපියල් 1038000 මුදලක් වැයවන අතර දැනට රුපියල් 406000 පමණ මුදලක් සුබ පතන්නන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබි ඇත.එමෙන්ම ඉතිරි මුදල සොයා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ.

විශේෂයෙන් පල්ලේබෝවල ද්විතීක පාසලේ විදුහල්පති බි.ජි රත්නායක මහතා පවසන්නේ මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රිඩා අමාත්‍යාංශය ක්‍රිඩා උපකරණ හා මුල්‍ය පිරිනැමිම් කර උපරිම දිරිමත් කිරිම් කර ඇති බවත්, පාසලට හා ගුරුවරුන්ගේ පුද්ගලික සුහද සම්බන්ධතා ඇති පුද්ගලයින් උපකාර කරන මුත් මෙම විශාල මුදල එකතුකර ගැනිම ගැටළුවක් බවට පත්ව ඇති බවයි.

විශේෂයෙන්ම දැඩි ආර්ථික අපහසුතා මත ජිවත්වන අඩු ආදායම්ලාභී දෙමාපියන්ට මෙපමණ මුදලක් සොයාගැනීම අපහසු බැවින් දක්ෂතාපිරි දරුවන්ගේ ජයග්‍රාහී රන් පදක්කම් සිහනය සැබෑ කර ගැනීමට සහයවීමට හැකියාවක් ඇති කෙනෙක් ඇත්නම් උදව් කරන ලෙස ඉල්ලා සිටියි.


මේ අපගේ දරුවන් ය….
ඔවුන්ට රුපියල් සියයකින් හෝ සහය වීමට ඔබට හැකියාව පවතී නම්
එම පාසලේ ක්‍රීඩා උපදේශක
ජමිත් බණ්ඩාර මහතා අමතන්න.
ඔහුගේ දුරකථන අංකය 0715740338


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button